Post Top Ad
Post Top Ad
Thursday, October 25, 2018
Tuesday, October 23, 2018
මොහොතක් නතරවෙන්න..
වයස අවු.2ක පුංචි දරුවෙකුගේ ජීවිතය රැකගන්න ඔබේ සහයෝගය ලබා දෙන්න..
ස්නායු රෝගයකින් පීඩා විදින මේ දරුවා කොළඹ රීජ්වේ ආර්යා ලමා රෝහලේ ඉන්නේ..
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පරීක්ෂණයකින් පසුව වහාම ස්නායු ප්‍රතිකාර
නියම කර ඇතත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයවෙන බැව්න් ඔබේ සහය ලබාදෙන මෙන් දෙමාපියන් ඉල්ලා සිටිනවා....
අසිරිමත් වප් පෝය වර්ණනාව …
වප් පොහොය දිනයේ වැදගත් සිදුවීම් මේ අයුරිනි පෙලගැස්විය හැකිය
02 අගසව් දෙනම අතරින් දකුණත්සව් ලෙසින් වැඩසසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවෙනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත් වූයේ අදවන් උතුම් වප් පොහෝ දිනකයි.
03. මේ මහා බද්‍ර්කල්පයෙහි අවසන් වරට බුදුවන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වීම සිදු වූ උතුම් පෝ දිනය අදයි.
04. අනුලාදේවිය ඇතුලූ කුල කතුන් පැවිදිබිිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුලූ භික්ෂුණී සංඝයා සමග ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිදු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ අදවන්ු පොය දිනයකයි.
5. ථූපාරාමයේදී සිදුකල විනය සංඝායනාව සිදුවූයේ අදවන් පුර පෝය දවසකයි
6. ජයශ්‍රී මහා බෝධි අංකුරය මහබෝධියෙන් ගැලවී රන් කටාරමක පිහිටියේ අදවන් දවසකයි.
07. වස් පවාරණය සිදුවන්නේ අදවන් පුර පෝය දවසකයි.
මේ පූජනීය වප් මාසයයි. වප් මාසය පූජනීය වන්නට මෙවන් හේතු රාශියකි. ඒවා විස්තර වශයෙන් සොයා බැලීමට පෙර වප් යන්නෙහි තේරුම මදක් සලකා බලමු.
වප් යනු වැපිරීමයි. ඒ අනුව වප් යනු වපුරා කපා පාගා භුක්ති විදින සමයයි. සිංහල බෞද්ධයන් වැඩි වශයෙන් සිදුකරන්නේ ගොවි තැනයි. වැපිරීම, මෙන්ම අස්ුවැන්න යන වචනයද ගොවියන්ට බලාපොරොත්තු ඇති කරන වචන දෙකකි. එතරම්ම ඒ වචන වැදගත්ය. ගොවියන් මැදින් මහ කන්නයේදී නෙලා ගැනීම සදහා තමන්ගේ අගනාම බීජය වන වී යලකන්නයේදී වපුරන්නේ වප් මාසයෙද්දීය. වැපිරීම දෙයාකාරය. එය භෞතික වැපිරීම මෙන්ම ආධ්‍යාත්මික වැපිරීම ලෙසින් හැදින්විය හැකිය. ඒ නිසා මනුලොව නිර්වාණ කුසුම පීදීම වෙනුවෙන් ධර්මයේ බිජුවට වැපිරූ ශ්‍රේෂ්ඨ ගොවි රජාණන්ගේ පන්සාලිස් වසක අසිරියේ වැදගත් සිදුවීම් ගැන කියැවෙන වප් පොහොය වර්ණනාව මෙසේ දිගහරිමි.
මහා මායා දේවිය සිදුහත් පුතුගේ උපතින් දින හතකින් කලූරිය කලාය. එතුමිය මාතෘ දිව්‍යරාජයා ලෙසින් තව්තිසා දෙව්ලොව උපත ලැබුවේය. බුදුපියාණන් වහන්නේ මවුගැණ සැලකීමක් ලෙසින් බුදුබවින් සත්වන වස්කාලය තව්තිසා දෙව්ලොව ගතකල සේක.
අන්‍ය තීර්තකයන් දමනය කිරීමට ගන්ධබ්බ අඹරුක මුල ප්‍රාතිහාර්ය පෑ සම්බුදු සමිදාණෝ එක්වරම අතුරුදන් විය. රුස්වූ පිරිස ඒ පිලිබද සැරියුත් හිමියන්ගෙන් විමසුවද උන්වහන්සේ අනුරුද්ධ තෙරනුවන්ගේ ගුණ ප්‍රකට කිරීමට එය උන්වහන්සේගෙන් ආසා දැනගන්නා ලෙස දැන්වූහ. තව්තිසා දෙව්ලොව වැඩි බව දැන ආපසු තුන් මසකින් වඩිනාබව දැනගත් ් වැසියෝ එහි කදවුරු බැදගත්හ. එහිදී චුල්ල අනාතපිණ්ඩිකස්ස සියටු තුමා පිරිසට දානමානදිය ලබා දුන්හ.
බුදුහිමියන් අභිධර්ම දේශනාව මාස තුනක් තිස්සේ සිය මෑණියන්ට දේශනා කල. එයද අපූරු කථාවකි. සෑම දිනකම පිණ්ඩපාත වේලාව පැමිණෙන තුරු ධර්ම දේශනාව සිදුකරන බුදුරජාණන් වහන්සේ නියමිත වේලාව පැමිණිවිට කිසිවෙකුට නොදැනෙන පරිදි විශ්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා පි`ඩු පිණිස හිමාලයට වැඩ එතැනින් උතුරුකුරු දිවයිනට වැඩම කරති. ඉන් පසු අනවතප්ත විල අසලට පැමින පැන් සණහා දානය වළදා පහස නිවාගන්නා සේක.
ඒ කාලය තුල බුදුමියන්ට වත් පිලිවෙත් කරන්නෙ සැරියුත් හිමියන් විසිනි. දන් වලදා අවසානයේ දෙවියන්ට කල අභිධර්ම දේශනාව සැරියුත් හිමියන්ට උගන්වා යලි දෙව්ලොව වඩිති. විශ්මිත බුදුරුව අතුරුදන් කොට උන්වහන්සේ එහි අසුන් ගනිති. මේ අතුරුදන් වීම හා යලි වැඩමවීම අතර වෙනස දක්නට ලැඛෙන්නේ මහා ඍද්ධිමත් දෙවියන් හට පමණි. එතරම් සියුම්ව එය සිදුවන බව සදහන්ය. වප් පුර පසලොස්වක පෝ දින බුදුහිමියන් සංකස්ස පුරයේදී දෙව්ලොව හා මනුලොව එකිනෙකට පෙනෙන ලෙස විවර කරමින් දෙව් බඹු සුර නර සාදුකාර මද්‍යයේ රන් හිණිමගකන් පොළවට වැඩිසේක. එය දේවාවරෝහණ පූජාව ලෙස හැදින්වේ. මේ අසිරිමත් පෙළහර එක් බුද්ධෝපාද කාලයකදි දැකගත හැක්කේ එක්වරක් පමණි.
දේවාවරෝහණ අවස්ථාවේදී දුෂ්කර ප්‍රශ්න කිහිපයක් විමසා ඒවාට නිසි පිළිතුරු ලබාදුන් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන් ප්‍රඥාවන්තයින් අතර අකනතුරට පත්කරවා වාදාල සේක.
බුදුරජාණන් වහන්සේගේ මේ දේවාවරෝහණ පූජාව දුටු සවිිශේෂී පුද්ගලයෙක් විිය. හේ සංකස්ස පුරයේ මහා සාලනම් බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන නම් ගෘහපතියාට දාව බද්‍රාවතී නම් බැමිණියට දාව අපන් සිරිවර්ධන කු=මාරයායි. විවාහ වී ගිහි සැප විදිමින් සිටි එතුමා බුදුහාමුදුරුවන්ගේ දේවාවරෝහණ පූජාවේ ආශ්චර්යය දැක පැහැදි ීපැවිදි විය. එතුමා පැවිද්දෙන් පසු ආර්ය මෛත්‍රි නමින් හැදින්විය.
ඉල් පොහෙය දිනක උන් වහන්සේ ලද වස්ත්‍ර දෙකක් බුදුහිමියන් වෙසෙන ගන්ධ කුටියට රුගෙන ගොස් වියන් බැද එය අලංකාර කලසේක. ඉන්පසු බුදුන් වැද උක්කුටියෙන් අනිමිස පූජාවක් කරමින් වැඩ උන් සේක. එතනට වැඩි භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ — මහණෙනි වටිනා වස්ත්‍ර අයුරින් තථාගතයන් වහන්සේට දෙකක් පුදා මේ අයුරින් අනිමිස ලෝචන පූජා පවත්වන මාගේ ආර්ය මෛත්‍රී භික්ෂුව දෙස බලන්න. මේ මහා භද්‍රකල්පයේ මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව නමින් කේතුමතී නම් නුවරක් වේ. එය පාලනය කෙරන සංඛ නම් සක්විති රජුගේ පුරෝහිතයා වන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිනිය මෛත්‍රී බුදුහිමියන්ගේ දෙමාපියන් වේ. නා ගස බෝධි වෘක්ෂය බවට පත්වේය.˜ යනුවෙන් නියත විවරණ ලබාදුනි. මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් පැවිදිබව ලද්දේ අදවන් වප්පෝය දිනයකයි.
අනුලා දේවිය ඇතුලූ පිරිසට මහණ උපසම්පදාව ලබාගැනීම සදහා දඹදිව වෙත දූත පිරිසක් යැවීමට දේවානම් පියතිස්ස රජතුමාි අදහස් කලේය. මිහිදු මහ රහතන් වහන්සේගේ අනුදැනුම මත සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම වීම සදහාත්, විජය ශ්‍රී ජයශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුරය වැඩමවීම සදහාත් අරිට්ඨ කුමරු ප්‍රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලූප් නුවර වෙත පිටත් කර හැරියේද අදවන් වප් පොහොය දිනකදීය.
විවිධ ශාසනික දායාදයන් ලද පසු දෙවන පෑතිස් රජු මිහිදු මහ රහතන් වහන්සේගෙන් “ලක්දිව බුදු සසුන පිහිටියේදැයි ”විමසූ විට සීමා මාලකයක් තනා එහි මහණ උපසම්පදාවක් සිදුකල යුතු බව මිහිදු මහ රහතන්වහන්සේ වදාල සේක. ඒ සදහා සියලූ සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිඨකය සංගායනා කරන ලද්දේද අදවන් වප් පොහොය දිනකදීය.
දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධි අංකුරය ධර්මාශෝක රජතුමා අධිෂ්ඨාන යෙන් රන් කටාරමෙහි පිහිටා සත් දිනක් මුලූල්ලේ ගුවනෙහි මහ ප්‍රාතිහාර්යය දක්වමින් පොලවට සමීප වූ පසු දෙසතියක් පුරා පුද පූජා පවත්වා දඹදිව පුරා අලංකාර කරමින් රාජධානිය වෙත වැඩමවා වදාලේ අදවන් වප් පොහෝ දිනකය.
තුන් මසක් පුරාවට වස් සමාදන් වී සිටි භික්ෂුන් වහන්සේ වස් පවාරනය කරන්නේද අදවන් වප් පොහොය දිනදීය. අටමහ කුසල් වලින් ප්‍රධානතම පින්කමක් වන කඨින පුණ්‍ය උත්සව ආරම්භ වන්නේද වප් පොහොය දිනෙන් පසුවය.
ඉතින් මෙවන් ශාසනික සිද්ධීන් රැසක් සිදුවූ වප් පුන් පෝ දිනය ඔබේ ජිවිතය තුල වෙනසක් ඇති කරගැනීමට ඉතා සුදුසු දවසකි. — මා අතින් සිදුවන වැරදි මොනවාදැ˜යි ස්වයං අධ්‍යනයක් සිදුකොට ඉන් එක් වැරැද්දක් හෝ මින් ඉදිරියට මම සිදු නොකරමියි අධිෂ්ටාන කරගන්නේනම් ලොව්තුරා බුදුපියාණන් වහන්සේට ඔබ වප් පුන් පෝදා සිදුකල උතුම්ම පූජාව සිදු කලා වේ. ඒ උත්තම පූජාව බුදුහිමියන්වෙනුවෙන් සිදු කිරීමට අද දින ඔබත් තරයේ සිතට ගන්න.
එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.
අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …
වප් පොහොය දිනයේ වැදගත් සිදුවීම් මේ අයුරිනි පෙලගැස්විය හැකිය
01. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදුකල පූජනීය පොහොය අදයි.

මරදාන පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය. මරදාන පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය. මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය.
නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මගක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය. බයිසිකලයේ පැමිණි පුද්ගලයා අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ දිග වින්චෙස්ටර් විදුලි පන්දමකි. ජීප් රථයේ සිටි එක් පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළිපිට දැම්මේ පොලීසියටම හිමි ආදරණීය බසින් පුද්ගලයා ඇමතීම සඳහාය. නමුත් ඔහු පිටවෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහද හඬකින්, ආ චොප්පෙ අයියා යයි කීවේය.
ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම් එක කකුලක් පොළවට බරදී අනික් කකුල බයිසිකල් පැඩලය මත රඳවාගෙන සිටි පුද්ගලයා කීවේය. ඒ චොප්පේ අයියාය.
එක්දහස් නවසිය හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකම සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ මෙම චොප්පෙ අයියාය. රාත්‍රී අඳුර වැටුණ පසු අනුග්‍රාහකයකු අල්ලා ගැනීමට පරණ වාඩිය, පුංචි බොරැල්ල හන්දිය, ඩීන්ස් පාර, මරදාන දුම්රියපොළ ඉදිරිපිට කැරකෙන ගණිකාවන් චොප්පෙ අයියා එනවිට අඳුරු මුල්ලක සැඟවුණේ චොප්පෙ අයියා දුටහොත් කුණු බැණුම් ඇසීමට සිදුවන නිසාය. හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකේම වෙනත් ලපයි සිපයි පොරවල් චණ්ඩි පාට් දමමින් හුලාහුප් නටන්න පැමිණියේ නැත. මුළු මරදානේම අණසක පැතිරුවේ චොප්පෙ අයියාය.
චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු සිටියේ නැත. කප්පම්කාරයෝ සිටියේ නැත. බ්‍ලේඩ් ඩප්පි, ටිංකිරි ටින් තිබුණේ නැත. මුළු මරදානම සරන්ඩර්ය. එක්දහස් නවසිය තිස්පහේ පෙබරවාරි හතරවැනිදා මරදාන මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියාට සහෝදරයන් සතර දෙනකු විය. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, පොඩි මහත්තයා ඒ හතරදෙනාය.
චොප්පෙගෙ පියා මනුවෙල් රාජපක්ෂය. ඔහු දක්ෂ ලීබඩු පොලිෂ් කරන්නෙකි. සේවය කළේ දයාවංශ ජයකොඩිගේ පියාගේ මරදාන පිහිටි ලීබඩු සාප්පුවේය. ඒ කාලේ මරදාන ආනන්ද පාරේ කෙළවර උසාවිය ළඟ තියෙන වයිට් පාර්ක් එකට එනවා. අර වේවැල්වලින් හදපු රාග බෝල ගහන්න. මම දන්නතරමට හොඳ මිනිහෙක් දයාවංශ ජයකොඩි චොප්පෙ අයියා පිළිබඳව මතකය අලුත් කරමින් පැවැසීය.
චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාසලේය. පහේ පන්තිය දක්වා පමණි. මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාස චොප්පෙගෙ පන්ති මිත්‍රයකි. චොප්පෙ අයියා අසාමාන්‍ය ශරීර ස්වභාවයකින් යුක්ත අයකු විය. ඔහුගේ අත්දෙක කකුල් දෙකේ දණහිසෙනුත් පහළට දික්ව සිටී. මෙනිසා ඔහුට කෙනකුට දුර සිටම තියුණු මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාව තිබුණි. එසේම දකුණු කකුල ඉහළට නව බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක්ද චොප්පෙ අයියා සතු විය.
චොප්පෙ අයියා දක්ෂ චීනාඩි කාරයෙකි. හතරමුල්ල පැන අහස් ප්‍රහාර ඔහු එල්ල කරන්නේ අකුණු ගසන්නාසේය. චොප්පෙ අයියා මේ චීනාඩි ඉගන ගත්තේ කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙනි. ඒ දිනවල බොරැල්ල කානිවල් එකේදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනඩි ගහනවා නරඹන්නට මිනිසුන් පැමිණෙන්නේ පොරකමිනි. නන්දිසේන කුරේ හිටපු ඇමැති සිරිසේන කුරේගේ වැඩිමහල් සහෝදරයාය.
හැට ගණන්වල මරදාන අවට ප්‍රශ්න පමණක් නොව වෙනත් ප්‍රදේශවල ප්‍රශ්නද විසඳා ගැනීමට එන්නේ මරදාන චොප්පෙ අයියා ළඟටය. චොප්පේ අයියා ජීවත් වුණේ මැද කොළඹ ආසන්නයේය. එනිසා ඔහුට බොහෝ දේශපාලන සබඳතා විය. චොප්පෙ අයියා කැපුවත් කොළය. උග්‍ර යූඑන්පී කකුලකි.
ඒ දවස්වල අපේ තාත්ත නිතරම බොරැල්ලෙ වුඩ්ලන්ඩ් වලව්වට යනව. ඩඩ්ලි හාමු තාත්තගෙ හොඳ හිතවතෙක්. මේ තොරතුරු මට කියන්නේ චොප්පෙ අයියාගේ පුතෙකි. ඩඩ්ලි සේනානායක සහ චොප්පෙ අයියා හොඳ මිතුරන්ය. ඩඩ්ලි සේනානායකගේ දුම්කොළ පයිප්ප කීපයක්ම අදටත් චොප්පෙ අයියාගේ ගෙදර සුරැකිව ඇත.
චොප්පෙ අයියාගෙ හොඳම ගෝලයා මදාවි සෝමෙය. දෙන්නාම හොඳ චීනාඩිකාරයෝය. යන්නේ එන්නේ එකටමය. ඒ කොළඹ නගරය පමණක් නොව මුළු ලංකාවම පුරාම මොරිස් මයිනර් කාර් රජ කළ යුගයයි. චොප්පෙ අයියාද තම අගසව්වන් සමග ගමන් කළේ මොරිස් මයිනර් මෝටර් රථයකය. අංකය 2 ශ්‍රී 4016ය. එය චොප්පෙ අයියාගේ මිත්‍ර, මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසගේය.
රාහුල සිල්වා යනු එකල රහස් පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකි. නමගිය පොලිස් කෙරුමෙකි. දිනක් මරදාන පටු පාරක රාහුල සිල්වා තම ජීප් රථය පදවාගෙන පැමිණියේය. අනික් පැත්තෙන් එයට මුහුණලා චොප්පෙ අයියාගේ මොරිස් මයිනර් රථය පැමිණියේය. වාහන දෙකට එකවර මාරුවීමට නොහැක. කිසිවෙක් හෝ ආපස්සට ගත යුතුය. චොප්පෙ අයියා කිසි ගණනක් නැතිව මෝටර් රථය තුළ සිටී.
මම රාහුල සිල්වා ජීප් රථයෙන් බැස පැමිණි හැඩිදැඩි පොලිස් පරීක්ෂකවරයා පැවැසීය. රාහුලල ගොඩක් ඉන්නව. දොරේ එක්කෙනෙක් අපේ බුදු හාමුදුරුවන්ගෙ පුතා රාහුල. ඔය වගේ ඉන්නවා. ඒත් චොප්පෙල ඉන්නෙ එක්කෙනයි. ඒක නිසා පස්සට ගන්ඩ දොරේ චොප්පෙ අයියා පැවැසීය. පොලිස් පරීක්ෂක රාහුල සිල්වා සිනාසෙමින් තම ජීප් රථය පසු පස්සට ගත්තේය. චොප්පෙ අයියා සිනාවෙමින් ඉදිරියට ගියේය.
චණ්ඩියා චිත්‍රපටය හදන කාලෙ ගාමිණී ෆොන්සේකා ඇවිල්ල අපේ තාත්තට කිව්වා චිත්‍රපටයේ පොඩි කෑල්ලක් රඟපාන්න එන්න කියලා චොප්පෙ අයියාගෙ පුතා අතීත සිදුවීමක් සිහිපත් කරයි. මොකක්ද පාට් එක චොප්පෙ අයියා ගාමිණීගෙන් විමසීය. පයිට් එකකදි මගෙන් ගුටිකන්න ගාමිණී පැවැසීය. තමුන්නාන්සේගෙන් ගුටිකන්න? තමසෙ පිච්චර්වල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණී ෆොන්සේකාව තඹ පයිසයකටවත් ගණන් නොගෙනය.
මිනිස්සු ඉන්නෙ කාටද කියල බලනවා. දවසක ටවර් එකට ගාමිණී එනවයි චොප්පෙ අයියා එනවයි කියල බලනවා. කාව බලන්නද වැඩියෙන් මිනිස්සු එන්නෙ කියලා චොප්පෙ අයියා වැඩිදුරටත් පැවැසීය. චොප්පෙ අයියාගෙ කතාව සහසුද්දෙන්ම නිවැරදිය. වරක් චොප්පෙ අයියාට විරුද්ධව නඩුවක් මාලිගාකන්ද උසාවියේ ඇසීමට තිබුණි. සාක්කි නොමැති නිසා නඩුව විසි කෙරුණි. සමහරුන් පවසන්නේ එදින සාක්කි නොමැති නිසා චොප්පෙ අයියාට විරුද්ධව තිබූ නඩු පනස් හතක්ම විසි කළ බවය. චොප්පෙ අයියාගේ නඩුවලින් පසුව මුළු උසාවියම හිස්විය. පැමිණ සිටි සියලුදෙනාම චොප්පෙ අයියාගේ හිතවතුන්ය. චොප්පෙ අයියාගේ නඩුවක් ඇති දිනයක ඒ උසාවිය අවට සම්පූර්ණයෙන් පිරී යන්නේ මොරිස් මයිනර් ටැක්සිවලිනි. ඔවුන් එන්නේ චොප්පෙ අයියාගේ ආරාධනයෙන් නොවේය.
එදා චොප්පේ ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළදා අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකාය.
චොප්පෙ අයියාට සහ මදාවි සෝමෙට කෝච්චියක් පැදවීමට දිගු කාලයක සිට ආසාවක් විය. දිනක් ඔවුන් දෙදෙනා මරදාන දුම්රිය ස්ථානයට ගොස් ටික වේලාවක් බලා සිටියහ. එක දුම්රියක රියැදුරු සහ සහයක අඟුරු දමන්නන් දුම්රියෙන් බැස ගිය පසු චොප්පෙ අයියා සහ මදාවි සෝමෙ දුම්රියට නැඟ එය මරදාන සිට කොටුව දෙසට පදවන්නට විය. නමුත් දෙදෙනාම දුම්රිය නතර කරන අන්දම දැන සිටියේ නැත. දෙදෙනා ඉදිරියට ඇදෙන දුම්රියෙන් පිටතට පැන ගත්හ. දුම්රිය කඩාගෙන ගොස් පීලි පැන නතර විය.
ඉස්සර දවසක වේ.වී. අබේගුණවර්ධන කියන පත්තර කර්තෘ මහත්තයකුගෙ පාකර් පෑනක් බම්බලපිටියේදි පිට් පොකට් ගහල තියෙනවා චොප්පෙ අයියාගෙ පුතා තවත් සිද්ධියක් සිහිපත් කරන්නට විය. පත්තර කතුවරයා මේ හොරකම බම්බලපිටිය පොලීසියට පැමිණිලි කළේය.
අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙ අයියට කියල බලන්න පොලීසියේ පිළිතුර විය. පත්තර කතුවරයා චොප්පෙ අයියා මුණගැසුණි. කොහේදිද නැතිවුණේ? චොප්පෙ අයියා විමසීය.
බම්බලපිටියෙදි හෙට උදේ අටට මෙතැනට එන්න. මහත්තයට මහත්තයගෙ පෑන ලැබේවි චොප්පෙ අයියා පිළිතුරු දුන්නේය. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවුඩයක් යැවීය. බම්බලපිටියේ චණ්ඩියා පාලය. මගෙ යාළු මහත්තයකුගෙ වටිනා පාකර් පෑනක් අද බම්බලපිටිය හන්දියෙහි පොකට් ගහල තියෙනවා. හොයල බලල ඒක මිනිහත් එක්ක එවපන් බම්බලපිටියේ පාල ඒ අවට පොකට්කරුවන් විමසූ විට පාකර් පැන ඉස්සූ පොකට්කාරයා හමුවිය.
හෙට උදේ හය වෙද්දී උඹ ඕක චොප්පෙ අයියට ගිහිල්ල දෙන්න ඕන පාල නියෝග කළේය. පත්තර මහත්තයා උදේ අටට චොප්පෙ අයියාව මුණගැසීමට ගිය විට ඔහුට තමන්ගේ නැති වූ පාකර් පෑන ලැබුණි. එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල්ගහයට ගෙදර විසූ සර්වෝදයේ ඒ.ටී. ආරියරත්නව මැරීමට කොන්ත්‍රාත්තුවක් ලැබි පසුව එය ඉවතට දමා ඒ.ටී. ආරියරත්න සමග චොප්පෙ අයියා මිත්‍රවූ කතාවද ඉතාමත් ප්‍රකට එකකි.
1968 ඔක්තෝබර් 16 දින තියුණු කැපුම් තුවාල සහිතව චොප්පෙ අයියා මරා දමා තිබුණේය. ඔහුගේ අවමඟුල් උත්සවය සිදුවූයේ මහත් උත්සවාකාරයෙනි. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබිණි. චොප්පෙ අයියා මියගොස් වසර පනහකි. ඒ වෙනුවෙන් ගුණසමරු උත්සවයක් පසුගිය 16 වැනිදා පැවැත්විණි. එම උත්සවය පිළිබඳ සමරු ඵලක මරදාන පංචිකාවත්ත, පුංචිබොරැල්ල ආදී ප්‍රදේශවල ලයිට් කණුවක් ගානේ එල්ලා තිබුණි. මියගොස් වසර පනහක් ගතවුවත් මිනිස්සුන්ට චොප්පෙ අයියා අමතක වී නැති වග ඉන් පෙනේ. එසේම චොප්පෙ එක්තරා උප සංස්කෘතියක්ද වී ඇත්තේය. අදත් ගමේ චණ්ඩියෙකුට කියන්නේ ඌ චොප්පෙ කෙනෙක් කියාය. පාර්ලිමේන්තුවේ පවා මන්ත්‍රීවරයෙක් කලබලකාරී ලෙස හැසිරුණු විට 'මොකද මේ චොප්පෙ වෙන්නද හදන්නෙ'යි අසන්නේය. ඒ චොප්පෙ අයියා 'වන් ඇන්ඩ් ඔන්ලි' නිසාය.
Monday, October 22, 2018
රුපියල තවත් පහළට
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ යමින් තිබෙන බව ඊයේ (22 දා) මහ බැංකුව නිකුත් කළ වාර්තාවකින් තහවුරු වේ. ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 173.38ක් වූ අතර ගැණුම් මිල රුපියල් 169.49 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල සඳහන්ය.
ඉකුත් සිකුරාදා ඩොලරයේ විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 172.99කි. ඒ අනුව ඊයේ වන විට රුපියල තවත් ශත 39 කින් බාල්දු වී තිබුණි. රජය මෙම රුපියල අවප්‍රමාණය වීම පලනය කර නොගත හොත් භයානක ආර්ථික විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්‍ලේෂකයෝ සඳහන් කරති.
මේ අතර ඩොලරයේ වටිනාකම පාලනය කර ගැනීම සඳහා චීනයෙන් ඩොලර් බිලියන 1ක ණය මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා ගෙන ඇති බවද සඳහන්ය. මෙහි සත්‍ය අසත්‍ය තත්ත්වය දැනගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකිව යුතු නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එය සාර්ථක වූයේ නැත.
කශොග්ජී මැරූ බව සෞදිය පිළිගනී
සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී තුර්කියේ ඉස්තාන්බුල් නුවර තම කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වී ඇති බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞදි අරාබිය අද (20) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මාධ්‍යවේදී කශොග්ජී ඝාතනය කෙරුණු බවට තුර්කි රජය පසුගිය දින කිහිපය පුරාවට චෝදනා නගන්න විය. ඒ ප‍්‍රබල සාක්ෂි රැසක් ද ඉදිරිපත් කරමිනි. කෙසේ නමුත් සෞදිය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කර තිබුණි.
සෞදි ජාතික ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී, තම කොන්සල් කාර්යාලයේ දී එහි සිටි කිහිප දෙනකු සමඟ බහින්බස් වීමකටත්, ඉන්පසු එය දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකටත් සම්බන්ධ වුණු බවත්, එය අවසානයේ දී පහර කෑමට ලක් වී, කශොග්ජී මියගොස් ඇති බවත් සෞදි රජය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයෙහි සඳහන් වෙයි.
අනපේක්ෂිත අයුරින් කශෝගී මරණයට පත් වුණු හෙයින්, කශොග්ජී සමඟ රණ්ඩුවට පැටලූණු පිරිස, ඔහුගේ සිරුර සැඟවීමට උත්සාහ ගෙන ඇති බවත් සෞදි රජය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
59 හැවිරිදි ජමාල් කශොග්ජී පසුගිය දෙවැනි දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, කලින් විවාහයේ දික්කසාද ලියවිලි ලබා ගැනීමටය. මොහු තුර්කි කාන්තාවක වන හටීජේ ජින්ගිස් නමැත්තිය සමඟ විවාහ වීමට සූදානමින් සිට ඇත.
කශොග්ජී කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ ද හටීජේ ජින්ගිස් සමඟය. තුර්කි ජාතික කාන්තාවක් වන හෙයින් ඇයට කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර නැත. ජමාල් කශොග්ජී තනිවම කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇති අතර පැය ගණනක් ගත වුවත් ඔහු යළි පැමිණියේ නැත. ඒ අනුව, හටීජේ ජින්ගිස් තුර්කි පොලිසියට කශෝගී අතුරුදන් බවට පැමිණිලි කළාය.
ජමාල් කශොග්ජී ඇමෙරිකාවේ පුරවැසියකු ලෙස ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත් සේවයට සම්බන්ධ වී පුවත් වාර්තා කළ අයෙක් විය. ඔහු සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමින් පුවත් පළ කළ මාධ්‍යවේදියෙකි. කශෝගීගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මාධ්‍ය පුළුල් අවදානයක් යොමු කරමින් තොරතුරු සොයන්න විය.
තුර්කි රජය ද පරීක්ෂණයක් පැවැත් වූ අතර, ලැබුණු සාක්ෂි ප‍්‍රසිද්ධියට පත් කරමින් තුර්කි පරීක්ෂණ කණ්ඩායම් කියා සිටියේ, සෞදි කුමරුන්ගේ අණ පරිදි ඝාතකයන් කණ්ඩායමක් සෞදි කොන්සල් කාර්යාලයේ කශොග්ජී පැමිණෙන තුරු බලන් සිටි බවත්, කොනසල් කාර්යාලයේ දී කශොග්ජී අල්ලා ගෙන පහර දී පණ පිටින් සිටිද්දී සිරුර කැබලි කර, මලූවලට දමා රැගෙන ගිය බවය. සිරුර කපා කැබලි කිරීමට වෝහාරක වෛද්‍යවරයකු ද සම්බන්ධ වී ඇත.
ඝාතනයට සම්බන්ධ එම කණ්ඩායමට අයත් සාමාජිකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ සී.සී.ටීවී. ආරක්ෂක කැමරාවලින් ගත් ඡයාරූප පවා ප‍්‍රසිද්ධියට පත් කිරීමට තුර්කිය කටයුතු කළේය. ඒ අතර සෞදියේ ඔටුන්න හිමි කුමරුන් වන සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් සිටින බව තහවුරු වී ඇත.
කශොග්ජීගේ අතුරුදන් වීමෙන් පසු පසුගිය 6 වැනිදා, අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව සෞදිය කියා සිටියේය. ඒ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට සෞදියට ගොස් සෞදියේ සල්මාන් රජු මෙන්ම, ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද හමුවී සාකච්ඡුා කිරීමෙන් පසුවය.
ඒ අනුව, සෞදි රජයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් තුර්කිය බලා පැමිණියේය. කශොග්ජී කොන්සල් කාර්යාලයේදී මරා දැමුණු බව පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත්තේ එම පරීක්ෂණ කණ්ඩායමය. කශොග්ජී ඝාතනය වූ බවට සෞදිය නිවේදනයක් නිකුත් කළේ ඒ අනුවය. සෞදි රජය වැඩිදුරටත් පවසා ඇත්තේ, පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරමින් පවතින බවය. තුර්කි රජයේ සහාය ඊට හිමිවන බව ද පැවැසෙයි.
සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයෙන් පසු කොන්සල් කාර්යාලයේ සහ සෞදි රජ පවුලට සමීපව කටයුතු කළ නිලධාරීන් 15 දෙනකු සේවයෙන් නෙරපා දැමීමටත්, තවත් සෞදි ජාතිකයන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු යෙදී ඇත.
රාජකාරිවලින් නෙරපා දැමූ පුද්ගලයන් අතර ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදේශකවරයකු වන සෞද් අල් කටානී පමණක් නොව සෞදියේ නියෝජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා මේජර් ජනරාල් අහ්මද් අල් අසීරී ද සිටිති.