October 2018 - IRON SRI LANKA

Hot

Post Top Ad

Thursday, October 25, 2018

October 25, 2018 0
පූජ්‍යපාද 
හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වමීන්වහන්සේගේ ධර්මදේශනාව.
2018-10-25 බ්‍රහස්පතින්දා (අද) රාත්‍රී 8.00ට
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 
ස්වදේශීය සේවයෙන්
fm 91.7/91.9MHz ඔස්සේ ශ්‍රවනය කරන්න.

Read More
October 25, 2018 0
සිහිය නැමති ජලයෙන් යුද ගිනි දැල් නිවා දමමු !
සිහිය නැති කමින් වල් වැදී ගිය සිත බොහෝ දුක් ඇති කරයි.
රුප වේදනා සංඥා සංඛාර විඥාන යන පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය තුලින් අපි අත්දකින ලෝකය හටගනී.
Read More

Tuesday, October 23, 2018

October 23, 2018 0

මොහොතක් නතරවෙන්න..
වයස  අවු.2ක  පුංචි දරුවෙකුගේ  ජීවිතය  රැකගන්න ඔබේ සහයෝගය ලබා දෙන්න..
ස්නායු  රෝගයකින්  පීඩා විදින මේ දරුවා කොළඹ  රීජ්වේ ආර්යා ලමා රෝහලේ ඉන්නේ..
වෛද්‍ය  අනුරුද්ධ පාදෙනිය මහතා  පරීක්ෂණයකින් පසුව  වහාම ස්නායු ප්‍රතිකාර
නියම කර ඇතත් ඒ වෙනුවෙන් විශාල මුදලක් වැයවෙන බැව්න්   ඔබේ සහය  ලබාදෙන මෙන් දෙමාපියන් ඉල්ලා සිටිනවා....
Read More
October 23, 2018 0
අසිරිමත් වප් පෝය වර්ණනාව …

වප් පොහොය දිනයේ වැදගත් සිදුවීම් මේ අයුරිනි පෙලගැස්විය හැකිය

01. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදුකල පූජනීය පොහොය අදයි.

02 අගසව් දෙනම අතරින් දකුණත්සව් ලෙසින් වැඩසසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවෙනි වූ සැරියුත් මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත් වූයේ අදවන් උතුම් වප් පොහෝ දිනකයි.

03. මේ මහා බද්‍ර්කල්පයෙහි අවසන් වරට  බුදුවන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත් වීම  සිදු වූ උතුම් පෝ දිනය අදයි.

04. අනුලාදේවිය ඇතුලූ කුල කතුන් පැවිදිබිිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුලූ භික්ෂුණී සංඝයා සමග ශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිදු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ අදවන්ු පොය දිනයකයි.

5. ථූපාරාමයේදී සිදුකල විනය සංඝායනාව සිදුවූයේ අදවන් පුර පෝය දවසකයි

6. ජයශ්‍රී මහා බෝධි අංකුරය මහබෝධියෙන් ගැලවී රන් කටාරමක පිහිටියේ අදවන් දවසකයි.

07. වස් පවාරණය සිදුවන්නේ අදවන් පුර පෝය දවසකයි.

මේ පූජනීය වප් මාසයයි. වප් මාසය පූජනීය වන්නට මෙවන් හේතු රාශියකි. ඒවා විස්තර වශයෙන් සොයා බැලීමට පෙර වප් යන්නෙහි තේරුම මදක් සලකා බලමු.

වප් යනු වැපිරීමයි. ඒ අනුව වප් යනු වපුරා කපා පාගා භුක්ති විදින සමයයි. සිංහල බෞද්ධයන් වැඩි වශයෙන් සිදුකරන්නේ ගොවි තැනයි. වැපිරීම, මෙන්ම අස්ුවැන්න යන වචනයද ගොවියන්ට බලාපොරොත්තු ඇති කරන වචන දෙකකි. එතරම්ම ඒ වචන වැදගත්ය. ගොවියන් මැදින් මහ කන්නයේදී නෙලා ගැනීම සදහා තමන්ගේ අගනාම බීජය වන වී යලකන්නයේදී වපුරන්නේ වප් මාසයෙද්දීය. වැපිරීම දෙයාකාරය. එය භෞතික වැපිරීම මෙන්ම ආධ්‍යාත්මික වැපිරීම ලෙසින් හැදින්විය හැකිය. ඒ නිසා මනුලොව නිර්වාණ කුසුම පීදීම වෙනුවෙන් ධර්මයේ බිජුවට වැපිරූ ශ්‍රේෂ්ඨ ගොවි රජාණන්ගේ පන්සාලිස් වසක අසිරියේ වැදගත් සිදුවීම් ගැන කියැවෙන වප් පොහොය වර්ණනාව මෙසේ දිගහරිමි.
මහා මායා දේවිය සිදුහත් පුතුගේ උපතින් දින හතකින් කලූරිය කලාය. එතුමිය මාතෘ දිව්‍යරාජයා ලෙසින් තව්තිසා දෙව්ලොව උපත ලැබුවේය. බුදුපියාණන් වහන්නේ මවුගැණ සැලකීමක් ලෙසින් බුදුබවින් සත්වන වස්කාලය තව්තිසා දෙව්ලොව ගතකල සේක.
අන්‍ය තීර්තකයන් දමනය කිරීමට ගන්ධබ්බ අඹරුක මුල ප්‍රාතිහාර්ය පෑ සම්බුදු සමිදාණෝ එක්වරම අතුරුදන් විය. රුස්වූ පිරිස ඒ පිලිබද සැරියුත් හිමියන්ගෙන් විමසුවද උන්වහන්සේ අනුරුද්ධ තෙරනුවන්ගේ ගුණ ප්‍රකට කිරීමට එය උන්වහන්සේගෙන් ආසා දැනගන්නා ලෙස දැන්වූහ. තව්තිසා දෙව්ලොව වැඩි බව දැන ආපසු තුන් මසකින් වඩිනාබව දැනගත් ් වැසියෝ එහි කදවුරු බැදගත්හ. එහිදී චුල්ල අනාතපිණ්ඩිකස්ස සියටු තුමා පිරිසට දානමානදිය ලබා දුන්හ.

බුදුහිමියන් අභිධර්ම දේශනාව මාස තුනක් තිස්සේ සිය මෑණියන්ට දේශනා කල. එයද අපූරු කථාවකි. සෑම දිනකම පිණ්ඩපාත වේලාව පැමිණෙන තුරු ධර්ම දේශනාව සිදුකරන බුදුරජාණන් වහන්සේ නියමිත වේලාව පැමිණිවිට කිසිවෙකුට නොදැනෙන පරිදි විශ්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා පි`ඩු පිණිස හිමාලයට වැඩ එතැනින් උතුරුකුරු දිවයිනට වැඩම කරති. ඉන් පසු අනවතප්ත විල අසලට පැමින පැන් සණහා දානය වළදා පහස නිවාගන්නා සේක.

ඒ කාලය තුල බුදුමියන්ට වත් පිලිවෙත් කරන්නෙ සැරියුත් හිමියන් විසිනි. දන් වලදා අවසානයේ දෙවියන්ට කල අභිධර්ම දේශනාව සැරියුත් හිමියන්ට උගන්වා යලි දෙව්ලොව වඩිති. විශ්මිත බුදුරුව අතුරුදන් කොට උන්වහන්සේ එහි අසුන් ගනිති. මේ අතුරුදන් වීම හා යලි වැඩමවීම අතර වෙනස දක්නට ලැඛෙන්නේ මහා ඍද්ධිමත් දෙවියන් හට පමණි. එතරම් සියුම්ව එය සිදුවන බව සදහන්ය. වප් පුර පසලොස්වක පෝ දින බුදුහිමියන් සංකස්ස පුරයේදී දෙව්ලොව හා මනුලොව එකිනෙකට පෙනෙන ලෙස විවර කරමින් දෙව් බඹු සුර නර සාදුකාර මද්‍යයේ රන් හිණිමගකන් පොළවට වැඩිසේක. එය දේවාවරෝහණ පූජාව ලෙස හැදින්වේ. මේ අසිරිමත් පෙළහර එක් බුද්ධෝපාද කාලයකදි දැකගත හැක්කේ එක්වරක් පමණි.

දේවාවරෝහණ අවස්ථාවේදී දුෂ්කර ප්‍රශ්න කිහිපයක් විමසා ඒවාට නිසි පිළිතුරු ලබාදුන් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන් ප්‍රඥාවන්තයින් අතර අකනතුරට පත්කරවා වාදාල සේක.

බුදුරජාණන් වහන්සේගේ මේ දේවාවරෝහණ පූජාව දුටු සවිිශේෂී පුද්ගලයෙක් විිය. හේ සංකස්ස පුරයේ මහා සාලනම් බ්‍රාහ්මණ කුලයේ සිරිවර්ධන නම් ගෘහපතියාට දාව බද්‍රාවතී නම් බැමිණියට දාව අපන් සිරිවර්ධන කු=මාරයායි. විවාහ වී ගිහි සැප විදිමින් සිටි එතුමා බුදුහාමුදුරුවන්ගේ දේවාවරෝහණ පූජාවේ ආශ්චර්යය දැක පැහැදි ීපැවිදි විය. එතුමා පැවිද්දෙන් පසු ආර්ය මෛත්‍රි නමින් හැදින්විය.

ඉල් පොහෙය දිනක උන් වහන්සේ ලද වස්ත්‍ර දෙකක් බුදුහිමියන් වෙසෙන ගන්ධ කුටියට රුගෙන ගොස් වියන් බැද එය අලංකාර කලසේක. ඉන්පසු බුදුන් වැද උක්කුටියෙන් අනිමිස පූජාවක් කරමින් වැඩ උන් සේක. එතනට වැඩි භික්ෂූන් වහන්සේ ඇමතූ බුදුරජාණන් වහන්සේ — මහණෙනි වටිනා වස්ත්‍ර අයුරින් තථාගතයන් වහන්සේට දෙකක් පුදා මේ අයුරින් අනිමිස ලෝචන පූජා පවත්වන මාගේ ආර්ය මෛත්‍රී භික්ෂුව දෙස බලන්න. මේ මහා භද්‍රකල්පයේ මෛත්‍රී නමින් බුද්ධත්වයට පත්වන්නේ මේ ආර්ය මෛත්‍රී භික්ෂුවයි. ඒ කාලයේ දඹදිව නමින් කේතුමතී නම් නුවරක් වේ. එය පාලනය කෙරන සංඛ නම් සක්විති රජුගේ පුරෝහිතයා වන සුබ්‍රහ්ම බ්‍රාහ්මණයා සහ බ්‍රහ්මවතී බැමිනිය මෛත්‍රී බුදුහිමියන්ගේ දෙමාපියන් වේ. නා ගස බෝධි වෘක්ෂය බවට පත්වේය.˜ යනුවෙන් නියත විවරණ ලබාදුනි. මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් පැවිදිබව ලද්දේ අදවන් වප්පෝය දිනයකයි.

අනුලා දේවිය ඇතුලූ පිරිසට මහණ උපසම්පදාව ලබාගැනීම සදහා දඹදිව වෙත දූත පිරිසක් යැවීමට දේවානම් පියතිස්ස රජතුමාි අදහස් කලේය. මිහිදු මහ රහතන් වහන්සේගේ අනුදැනුම මත සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම වීම සදහාත්, විජය ශ්‍රී ජයශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුරය වැඩමවීම සදහාත් අරිට්ඨ කුමරු ප්‍රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලූප් නුවර වෙත පිටත් කර හැරියේද අදවන් වප් පොහොය දිනකදීය.

විවිධ ශාසනික දායාදයන් ලද පසු දෙවන පෑතිස් රජු මිහිදු මහ රහතන් වහන්සේගෙන් “ලක්දිව බුදු සසුන පිහිටියේදැයි ”විමසූ විට සීමා මාලකයක් තනා එහි මහණ උපසම්පදාවක් සිදුකල යුතු බව මිහිදු මහ රහතන්වහන්සේ වදාල සේක. ඒ සදහා සියලූ සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිඨකය සංගායනා කරන ලද්දේද අදවන් වප් පොහොය දිනකදීය.

දක්ෂිණ ජය ශ්‍රී මහා බෝධි අංකුරය ධර්මාශෝක රජතුමා අධිෂ්ඨාන යෙන් රන් කටාරමෙහි පිහිටා සත් දිනක් මුලූල්ලේ ගුවනෙහි මහ ප්‍රාතිහාර්යය දක්වමින් පොලවට සමීප වූ පසු දෙසතියක් පුරා පුද පූජා පවත්වා දඹදිව පුරා අලංකාර කරමින් රාජධානිය වෙත වැඩමවා වදාලේ අදවන් වප් පොහෝ දිනකය.

තුන් මසක් පුරාවට වස් සමාදන් වී සිටි භික්ෂුන් වහන්සේ වස් පවාරනය කරන්නේද අදවන් වප් පොහොය දිනදීය. අටමහ කුසල් වලින් ප්‍රධානතම පින්කමක් වන කඨින පුණ්‍ය උත්සව ආරම්භ වන්නේද වප් පොහොය දිනෙන් පසුවය.

ඉතින් මෙවන් ශාසනික සිද්ධීන් රැසක් සිදුවූ වප් පුන් පෝ දිනය ඔබේ ජිවිතය තුල වෙනසක් ඇති කරගැනීමට ඉතා සුදුසු දවසකි. — මා අතින් සිදුවන වැරදි මොනවාදැ˜යි ස්වයං අධ්‍යනයක් සිදුකොට ඉන් එක් වැරැද්දක් හෝ මින් ඉදිරියට මම සිදු නොකරමියි අධිෂ්ටාන කරගන්නේනම් ලොව්තුරා බුදුපියාණන් වහන්සේට ඔබ වප් පුන් පෝදා සිදුකල උතුම්ම පූජාව සිදු කලා වේ. ඒ උත්තම පූජාව බුදුහිමියන්වෙනුවෙන් සිදු කිරීමට අද දින ඔබත් තරයේ සිතට ගන්න.

එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.
අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …
Read More
October 23, 2018 0

මරදාන ‍පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය  සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය.  මරදාන ‍පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග ‍පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන ‍පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය.  මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය  පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය.
නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මගක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය.  බයිසිකලයේ  පැමිණි පුද්ගලයා අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ දිග වින්චෙස්ටර් විදුලි පන්දමකි.  ජීප් රථයේ සිටි එක් ‍පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළිපිට දැම්මේ ‍පොලීසියටම හිමි ආදරණීය බසින් පුද්ගලයා ඇමතීම සඳහාය. නමුත් ඔහු පිටවෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහද හඬකින්,  ආ චොප්පෙ අයියා යයි කීවේය.
ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම් එක කකුලක් ‍පොළවට බරදී අනික් කකුල බයිසිකල් පැඩලය මත රඳවාගෙන සිටි පුද්ගලයා කීවේය. ඒ චොප්පේ අයියාය.
එක්දහස් නවසිය හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකම සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ මෙම චොප්පෙ අයියාය. රාත්‍රී අඳුර වැටුණ පසු අනුග්‍රාහකයකු අල්ලා ගැනීමට පරණ වාඩිය, පුංචි බොරැල්ල හන්දිය, ඩීන්ස් පාර, මරදාන දුම්රිය‍පොළ ඉදිරිපිට කැරකෙන ගණිකාවන් චොප්පෙ අයියා එනවිට අඳුරු මුල්ලක සැඟවුණේ චොප්පෙ අයියා දුටහොත් කුණු බැණුම් ඇසීමට සිදුවන නිසාය. හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකේම වෙනත් ලපයි සිපයි ‍පොරවල් චණ්ඩි පාට් දමමින් හුලාහුප් නටන්න පැමිණියේ නැත. මුළු මරදානේම අණසක පැතිරුවේ චොප්පෙ අයියාය.
චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු සිටියේ නැත. කප්පම්කාරයෝ සිටියේ නැත. බ්‍ලේඩ් ඩප්පි, ටිංකිරි ටින් තිබුණේ නැත. මුළු මරදානම සරන්ඩර්ය.  එක්දහස් නවසිය තිස්පහේ පෙබරවාරි හතරවැනිදා මරදාන මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියාට සහෝදරයන් සතර දෙනකු විය. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, ‍පොඩි මහත්තයා ඒ හතරදෙනාය.
චොප්පෙගෙ පියා මනුවෙල් රාජපක්ෂය. ඔහු දක්ෂ ලීබඩු ‍පොලිෂ් කරන්නෙකි. සේවය කළේ දයාවංශ ජයකොඩිගේ පියාගේ මරදාන පිහිටි ලීබඩු සාප්පුවේය.  ඒ කා‍ලේ මරදාන ආනන්ද පාරේ කෙළවර උසාවිය ළඟ තියෙන වයිට් පාර්ක් එකට එනවා. අර වේවැල්වලින් හදපු රාග බෝල ගහන්න. මම දන්නතරමට හොඳ මිනිහෙක් දයාවංශ ජයකොඩි  චොප්පෙ අයියා පිළිබඳව මතකය අලුත් කරමින් පැවැසීය.
චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාස‍ලේය. පහේ පන්තිය දක්වා පමණි. මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාස චොප්පෙගෙ පන්ති මිත්‍රයකි.  චොප්පෙ අයියා අසාමාන්‍ය ශරීර ස්වභාවයකින් යුක්ත අයකු විය. ඔහුගේ අත්දෙක කකුල් දෙකේ දණහිසෙනුත් පහළට දික්ව සිටී. මෙනිසා ඔහුට කෙනකුට දුර සිටම තියුණු මුෂ්ටි  ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාව තිබුණි.  එසේම දකුණු කකුල ඉහළට නව බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක්ද චොප්පෙ අයියා සතු විය.
චොප්පෙ අයියා දක්ෂ චීනාඩි කාරයෙකි. හතරමුල්ල පැන අහස් ප්‍රහාර ඔහු එල්ල කරන්නේ අකුණු ගසන්නාසේය.  චොප්පෙ අයියා මේ චීනාඩි ඉගන ගත්තේ කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙනි. ඒ දිනවල බොරැල්ල කානිවල් එකේදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනඩි ගහනවා නරඹන්නට මිනිසුන් පැමිණෙන්නේ ‍පොරකමිනි. නන්දිසේන කුරේ හිටපු ඇමැති සිරිසේන කුරේගේ වැඩිමහල් සහෝදරයාය.
හැට ගණන්වල මරදාන අවට ප්‍රශ්න පමණක් නොව වෙනත් ප්‍රදේශවල ප්‍රශ්නද විසඳා ගැනීමට එන්නේ මරදාන චොප්පෙ අයියා ළඟටය.  චොප්පේ අයියා ජීවත් වුණේ මැද කොළඹ ආසන්නයේය. එනිසා ඔහුට බොහෝ දේශපාලන සබඳතා විය. චොප්පෙ අයියා කැපුවත් කොළය. උග්‍ර යූඑන්පී කකුලකි.
ඒ දවස්වල අපේ තාත්ත නිතරම බොරැල්ලෙ වුඩ්ලන්ඩ් වලව්වට යනව. ඩඩ්ලි හාමු තාත්තගෙ හොඳ හිතවතෙක්.  මේ තොරතුරු මට කියන්නේ චොප්පෙ අයියාගේ පුතෙකි. ඩඩ්ලි සේනානායක සහ චොප්පෙ අයියා හොඳ මිතුරන්ය. ඩඩ්ලි සේනානායකගේ දුම්කොළ පයිප්ප කීපයක්ම අදටත් චොප්පෙ අයියාගේ ගෙදර සුරැකිව ඇත.
චොප්පෙ අයියාගෙ හොඳම ගෝලයා මදාවි සෝමෙය. දෙන්නාම හොඳ චීනාඩිකාරයෝය. යන්නේ එන්නේ එකටමය. ඒ කොළඹ නගරය පමණක් නොව මුළු ලංකාවම පුරාම මොරිස් මයිනර් කාර් රජ කළ යුගයයි. චොප්පෙ අයියාද තම අගසව්වන් සමග ගමන් කළේ මොරිස් මයිනර් මෝටර් රථයකය. අංකය 2 ශ්‍රී 4016ය. එය චොප්පෙ අයියාගේ මිත්‍ර, මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසගේය.
රාහුල සිල්වා යනු එකල රහස් ‍පොලීසියේ ‍පොලිස් පරීක්ෂකවරයෙකි. නමගිය ‍පොලිස් කෙරුමෙකි. දිනක් මරදාන පටු පාරක රාහුල සිල්වා තම ජීප් රථය පදවාගෙන පැමිණියේය. අනික් පැත්තෙන් එයට මුහුණලා චොප්පෙ අයියාගේ මොරිස් මයිනර් රථය  පැමිණියේය. වාහන දෙකට එකවර මාරුවීමට නොහැක. කිසිවෙක් හෝ ආපස්සට ගත යුතුය. චොප්පෙ අයියා කිසි ගණනක් නැතිව මෝටර් රථය තුළ සිටී.
මම රාහුල සිල්වා ජීප් රථයෙන් බැස පැමිණි හැඩිදැඩි ‍පොලිස් පරීක්ෂකවරයා පැවැසීය. රාහුලල ගොඩක් ඉන්නව. දොරේ එක්කෙනෙක් අපේ බුදු හාමුදුරුවන්ගෙ පුතා රාහුල. ඔය වගේ ඉන්නවා. ඒත් චොප්පෙල ඉන්නෙ එක්කෙනයි. ඒක නිසා පස්සට ගන්ඩ දොරේ චොප්පෙ අයියා පැවැසීය. ‍පොලිස් පරීක්ෂක රාහුල සිල්වා සිනාසෙමින් තම ජීප් රථය පසු පස්සට ගත්තේය. චොප්පෙ අයියා සිනාවෙමින් ඉදිරියට ගියේය.
චණ්ඩියා චිත්‍රපටය හදන කාලෙ ගාමිණී ෆොන්සේකා ඇවිල්ල අපේ තාත්තට කිව්වා චිත්‍රපටයේ ‍පොඩි කෑල්ලක් රඟපාන්න එන්න කියලා චොප්පෙ අයියාගෙ පුතා අතීත සිදුවීමක් සිහිපත් කරයි.  මොකක්ද පාට් එක චොප්පෙ අයියා ගාමිණීගෙන් විමසීය. පයිට් එකකදි මගෙන් ගුටිකන්න ගාමිණී පැවැසීය. තමුන්නාන්සේගෙන් ගුටිකන්න? තමසෙ පිච්චර්වල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණී ෆොන්සේකාව තඹ පයිසයකටවත් ගණන් නොගෙනය.
මිනිස්සු ඉන්නෙ කාටද කියල බලනවා. දවසක ටවර් එකට ගාමිණී එනවයි චොප්පෙ අයියා එනවයි කියල බලනවා. කාව බලන්නද වැඩියෙන් මිනිස්සු එන්නෙ කියලා චොප්පෙ අයියා වැඩිදුරටත් පැවැසීය. චොප්පෙ අයියාගෙ කතාව සහසුද්දෙන්ම නිවැරදිය. වරක් චොප්පෙ  අයියාට විරුද්ධව  නඩුවක් මාලිගාකන්ද උසාවියේ ඇසීමට තිබුණි. සාක්කි නොමැති නිසා නඩුව විසි කෙරුණි. සමහරුන් පවසන්නේ එදින සාක්කි නොමැති නිසා චොප්පෙ  අයියාට විරුද්ධව තිබූ නඩු පනස් හතක්ම විසි කළ බවය. චොප්පෙ අයියාගේ නඩුවලින් පසුව මුළු උසාවියම හිස්විය. පැමිණ සිටි සියලුදෙනාම චොප්පෙ අයියාගේ හිතවතුන්ය. චොප්පෙ අයියාගේ නඩුවක් ඇති දිනයක ඒ උසාවිය අවට සම්පූර්ණයෙන් පිරී යන්නේ මොරිස් මයිනර් ටැක්සිවලිනි. ඔවුන් එන්නේ චොප්පෙ අයියාගේ ආරාධනයෙන් නොවේය.
එදා චොප්පේ ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළදා අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකාය.
චොප්පෙ අයියාට සහ මදාවි සෝමෙට කෝච්චියක් පැදවීමට දිගු කාලයක සිට ආසාවක් විය. දිනක් ඔවුන් දෙදෙනා මරදාන දුම්රිය ස්ථානයට ගොස් ටික වේලාවක් බලා සිටියහ. එක දුම්රියක  රියැදුරු සහ සහයක අඟුරු දමන්නන් දුම්රියෙන් බැස ගිය  පසු චොප්පෙ අයියා සහ මදාවි සෝමෙ දුම්රියට නැඟ එය මරදාන සිට කොටුව දෙසට පදවන්නට විය. නමුත් දෙදෙනාම දුම්රිය නතර කරන අන්දම දැන සිටියේ නැත. දෙදෙනා ඉදිරියට ඇදෙන දුම්රියෙන් පිටතට පැන ගත්හ. දුම්රිය කඩාගෙන ගොස් පීලි පැන නතර විය.
ඉස්සර දවසක වේ.වී. අබේගුණවර්ධන කියන පත්තර කර්තෘ මහත්තයකුගෙ පාකර් පෑනක් බම්බලපිටියේදි පිට් ‍පොකට් ගහල තියෙනවා චොප්පෙ අයියාගෙ පුතා තවත් සිද්ධියක් සිහිපත් කරන්නට විය. පත්තර කතුවරයා මේ හොරකම බම්බලපිටිය ‍පොලීසියට පැමිණිලි කළේය.
අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙ අයියට කියල බලන්න ‍පොලීසියේ පිළිතුර විය. පත්තර කතුවරයා චොප්පෙ අයියා මුණගැසුණි. කොහේදිද නැතිවුණේ? චොප්පෙ අයියා විමසීය.
බම්බලපිටියෙදි හෙට උදේ අටට මෙතැනට  එන්න. මහත්තයට මහත්තයගෙ පෑන ලැබේවි චොප්පෙ අයියා පිළිතුරු දුන්නේය. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවුඩයක් යැවීය. බම්බලපිටියේ චණ්ඩියා පාලය.  මගෙ යාළු මහත්තයකුගෙ වටිනා පාකර්  පෑනක් අද බම්බලපිටිය හන්දියෙහි ‍පොකට් ගහල තියෙනවා. හොයල බලල ඒක මිනිහත් එක්ක එවපන් බම්බලපිටියේ පාල ඒ අවට ‍පොකට්කරුවන් විමසූ විට පාකර් පැන ඉස්සූ ‍පොකට්කාරයා හමුවිය.
හෙට  උදේ හය වෙද්දී උඹ ඕක චොප්පෙ අයියට ගිහිල්ල දෙන්න ඕන පාල නියෝග කළේය. පත්තර මහත්තයා උදේ අටට චොප්පෙ අයියාව මුණගැසීමට ගිය විට ඔහුට තමන්ගේ නැති වූ පාකර් පෑන ලැබුණි. එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල්ගහයට ගෙදර විසූ සර්වෝදයේ ඒ.ටී. ආරියරත්නව මැරීමට කොන්ත්‍රාත්තුවක් ලැබි පසුව එය ඉවතට දමා ඒ.ටී. ආරියරත්න සමග චොප්පෙ අයියා මිත්‍රවූ කතාවද ඉතාමත් ප්‍රකට එකකි.
1968 ඔක්තෝබර් 16 දින තියුණු කැපුම් තුවාල සහිතව චොප්පෙ අයියා මරා දමා තිබුණේය. ඔහුගේ අවමඟුල් උත්සවය සිදුවූයේ මහත් උත්සවාකාරයෙනි. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබිණි. චොප්පෙ අයියා මියගොස් වසර පනහකි. ඒ වෙනුවෙන් ගුණසමරු උත්සවයක් පසුගිය 16 වැනිදා පැවැත්විණි. එම උත්සවය පිළිබඳ සමරු ඵලක මරදාන පංචිකාවත්ත, පුංචිබොරැල්ල ආදී ප්‍රදේශවල ලයිට් කණුවක් ගානේ එල්ලා තිබුණි. මියගොස් වසර පනහක් ගතවුවත් මිනිස්සුන්ට චොප්පෙ අයියා අමතක වී නැති වග ඉන් පෙනේ. එසේම චොප්පෙ එක්තරා උප සංස්කෘතියක්ද වී ඇත්තේය. අදත් ගමේ චණ්ඩියෙකුට කියන්නේ ඌ චොප්පෙ කෙනෙක් කියාය. පාර්ලිමේන්තුවේ පවා මන්ත්‍රීවරයෙක් කලබලකාරී ලෙස හැසිරුණු විට 'මොකද මේ චොප්පෙ වෙන්නද හදන්නෙ'යි අසන්නේය. ඒ චොප්පෙ අයියා 'වන් ඇන්ඩ් ඔන්ලි' නිසාය.
Read More

Monday, October 22, 2018

October 22, 2018 0

රුපියල තවත් පහළට
   
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපිය‍ලේ අගය තවදුරටත් පහළ යමින් තිබෙන බව ඊයේ (22 දා) මහ බැංකුව නිකුත් කළ වාර්තාවකින් තහවුරු වේ. ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 173.38ක් වූ අතර ගැණුම් මිල රුපියල් 169.49 ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල සඳහන්ය.
ඉකුත් සිකුරාදා ඩොලරයේ විකුණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 172.99කි. ඒ අනුව ඊයේ වන විට රුපියල තවත් ශත 39 කින් බාල්දු වී තිබුණි. රජය මෙම රුපියල අවප්‍රමාණය වීම පලනය කර නොගත හොත් භයානක ආර්ථික විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික විශ්‍ලේෂකයෝ සඳහන් කරති.
මේ අතර ඩොලරයේ වටිනාකම පාලනය කර ගැනීම සඳහා චීනයෙන් ඩොලර් බිලියන 1ක ණය මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා ගෙන ඇති බවද සඳහන්ය. මෙහි සත්‍ය අසත්‍ය තත්ත්වය දැනගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකිව යුතු නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එය සාර්ථක වූයේ නැත.

Read More
October 22, 2018 0

කශොග්ජී මැරූ බව සෞදිය පිළිගනී

සෞදි ජාතික මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී තුර්කියේ ඉස්තාන්බුල් නුවර තම කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වී ඇති බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වූ බව සෞදි අරාබිය අද (20) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මාධ්‍යවේදී කශොග්ජී ඝාතනය කෙරුණු බවට තුර්කි රජය පසුගිය දින කිහිපය පුරාවට චෝදනා නගන්න විය. ඒ ප‍්‍රබල සාක්ෂි රැසක් ද ඉදිරිපත් කරමිනි. කෙසේ නමුත් සෞදිය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කර තිබුණි.

සෞදි ජාතික ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශොග්ජී, තම කොන්සල් කාර්යාලයේ දී එහි සිටි කිහිප දෙනකු සමඟ බහින්බස් වීමකටත්, ඉන්පසු එය දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවකටත් සම්බන්ධ වුණු බවත්, එය අවසානයේ දී පහර කෑමට ලක් වී, කශොග්ජී මියගොස් ඇති බවත් සෞදි රජය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයෙහි සඳහන් වෙයි.

අනපේක්ෂිත අයුරින් කශෝගී මරණයට පත් වුණු හෙයින්, කශොග්ජී සමඟ රණ්ඩුවට පැටලූණු පිරිස, ඔහුගේ සිරුර සැඟවීමට උත්සාහ ගෙන ඇති බවත් සෞදි රජය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

59 හැවිරිදි ජමාල් කශොග්ජී පසුගිය දෙවැනි දා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, කලින් විවාහයේ දික්කසාද ලියවිලි ලබා ගැනීමටය. මොහු තුර්කි කාන්තාවක වන හටීජේ ජින්ගිස් නමැත්තිය සමඟ විවාහ වීමට සූදානමින් සිට ඇත.

කශොග්ජී කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ ද හටීජේ ජින්ගිස් සමඟය. තුර්කි ජාතික කාන්තාවක් වන හෙයින් ඇයට කොන්සල් කාර්යාලයට ඇතුළු වීමට අවසර නැත. ජමාල් කශොග්ජී තනිවම කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇති අතර පැය ගණනක් ගත වුවත් ඔහු යළි පැමිණියේ නැත. ඒ අනුව, හටීජේ ජින්ගිස් තුර්කි පොලිසියට කශෝගී අතුරුදන් බවට පැමිණිලි කළාය.

ජමාල් කශොග්ජී ඇමෙරිකාවේ පුරවැසියකු ලෙස ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත් සේවයට සම්බන්ධ වී පුවත් වාර්තා කළ අයෙක් විය. ඔහු සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කරමින් පුවත් පළ කළ මාධ්‍යවේදියෙකි. කශෝගීගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මාධ්‍ය පුළුල් අවදානයක් යොමු කරමින් තොරතුරු සොයන්න විය.

තුර්කි රජය ද පරීක්ෂණයක් පැවැත් වූ අතර, ලැබුණු සාක්ෂි ප‍්‍රසිද්ධියට පත් කරමින් තුර්කි පරීක්ෂණ කණ්ඩායම් කියා සිටියේ, සෞදි කුමරුන්ගේ අණ පරිදි ඝාතකයන් කණ්ඩායමක් සෞදි කොන්සල් කාර්යාලයේ කශොග්ජී පැමිණෙන තුරු බලන් සිටි බවත්, කොනසල් කාර්යාලයේ දී කශොග්ජී අල්ලා ගෙන පහර දී පණ පිටින් සිටිද්දී සිරුර කැබලි කර, මලූවලට දමා රැගෙන ගිය බවය. සිරුර කපා කැබලි කිරීමට වෝහාරක වෛද්‍යවරයකු ද සම්බන්ධ වී ඇත.

ඝාතනයට සම්බන්ධ එම කණ්ඩායමට අයත් සාමාජිකයන් හඳුනා ගනිමින් ඔවුන්ගේ සී.සී.ටීවී. ආරක්ෂක කැමරාවලින් ගත් ඡයාරූප පවා ප‍්‍රසිද්ධියට පත් කිරීමට තුර්කිය කටයුතු කළේය. ඒ අතර සෞදියේ ඔටුන්න හිමි කුමරුන් වන සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් සිටින බව තහවුරු වී ඇත.

කශොග්ජීගේ අතුරුදන් වීමෙන් පසු පසුගිය 6 වැනිදා, අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව සෞදිය කියා සිටියේය. ඒ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට සෞදියට ගොස් සෞදියේ සල්මාන් රජු මෙන්ම, ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද හමුවී සාකච්ඡුා කිරීමෙන් පසුවය.

ඒ අනුව, සෞදි රජයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් තුර්කිය බලා පැමිණියේය. කශොග්ජී කොන්සල් කාර්යාලයේදී මරා දැමුණු බව පරීක්ෂණවලින් තහවුරු කර ගෙන ඇත්තේ එම පරීක්ෂණ කණ්ඩායමය. කශොග්ජී ඝාතනය වූ බවට සෞදිය නිවේදනයක් නිකුත් කළේ ඒ අනුවය. සෞදි රජය වැඩිදුරටත් පවසා ඇත්තේ, පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරමින් පවතින බවය. තුර්කි රජයේ සහාය ඊට හිමිවන බව ද පැවැසෙයි.

සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයෙන් පසු කොන්සල් කාර්යාලයේ සහ සෞදි රජ පවුලට සමීපව කටයුතු කළ නිලධාරීන් 15 දෙනකු සේවයෙන් නෙරපා දැමීමටත්, තවත් සෞදි ජාතිකයන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු යෙදී ඇත.
රාජකාරිවලින් නෙරපා දැමූ පුද්ගලයන් අතර ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදේශකවරයකු වන සෞද් අල් කටානී පමණක් නොව සෞදියේ නියෝජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා මේජර් ජනරාල් අහ්මද් අල් අසීරී ද සිටිති.

Read More
October 22, 2018 0
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදුවූ ලුම්බිණි සාල වනෝද්‍යානය

අප මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම් දම් සපුරා සන්තුසිත දෙවිරජු ව තුසිත දෙවිලොව වැඩ සිටියහ. එවිට දස දහසක් සක්වළවාසී දෙවිබඹහු බෝසතුන් කරා පැමිණ සම්බුද්ධත්වය පිණිස මනුලොව උපදින්නට මෙසේ අයැද සිටියහ.

“කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියං
සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයන් වහන්ස, සම්බුද්ධත්වය ලබා දෙවියන් සහිත ලෝකයා ව සසර කතරින් එතෙර කරවනු පිණිස, මව්කුස පිළිසඳ ගන්නට මේ සුදුසු කාලය යි.”

එම ගෞරවනීය ඇරයුම පිළිගත් බෝසතාණන් වහන්සේ, කාලය – දීපය – දේශය – කුලය – මව යන පංචමහාවිලෝකනයන් සිදු කළ සේක.

කාලය – මිනිස් ආයුෂ අවුරුදු 120ක් වූ, සත්‍යය කුමක් ද? කුසලය කුමක් ද? (කිං සච්ච ගවේසි? කිං කුසල ගවේසි?) යන විමුක්තිකාමී යුගයක් හෙයින් සුදුසු කාලය යි.
දීපය – සියලු බුදු, පසේබුදුවරයන් වහන්සේලා ද සක්විති රජවරු ද බිහිවන පුණ්‍ය භූමිය වූ දඹදිව් තලය යි.
දේශය – දඹදිව මධ්‍ය මණ්ඩලයේ ශාක්‍ය දේශය යි
කුලය – ක්ෂත්‍රීය වංශයේ සුද්ධෝදන රජ පවුල යි
මව – පින්වන්ත, සීලවන්ත මහාමායා දේවිය යි.
ඉක්බිති, ඇසළ පුන් පොහෝ දිනක මව්දේවියට සුබ සිහින දක්වමින්, සිහිනුවණින් ම තුසිත දෙව්ලොවින් චුත වී, සිහිනුවණින් ම බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳගත් සේක. මජ්ඣිම නිකායේ ආශ්චර්ය අද්භූත සූත්‍රයට අනූව සතරවරම් දෙවිවරුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මව්කුස සුවසේ වැඩුණු බෝසත් කුමරාණන්, අකලට පිපුණු සල් මල්වලින් අලංකාර වූ ලුම්බිණි සල් වනයේ දී සිහිනුවණින් ම මෙලොවට ජනිත විය. බෝසත් කුමරු මුලින් ම රන්මසු දැලකින් පිළිගන්නා ලද්දේ, ශුද්ධාවාස බඹ ලොව අනාගාමී බ්‍රහ්මයන් විසිනි.

ඉන් පසු සතරවරම් දෙවිවරුන් අතට පත් වූ කුමරුන් මව්දේවියට පිළිගැන්වූයේ මෙලෙස පවසමිනි. “දේවිය, සතුටු වනු මැනවි. ඔබතුමියට ඉතා පින්බර පුත් කුමරෙකු උපන්නා.” මව්දේවියගේ අතින් ගිලිහී පොළොව මත සිඟිති පා තබද්දී පැනනැඟුණු පියුම් මතින් සත් පියවර තබා ඇවිදගොස් දකුණු අත ඉහළට ඔසවා මෙසේ සිංහනාද කළ සේක.

“අග්ගෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවෝති.”

“මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජේ්‍යෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපතයි. යළි ඉපදීමක් නැත්තේ ය.”

මිහිකත කම්පා වූ ඒ උතුම් අසිරිය සිදු වූයේ දඹදිවදී හෙවත් වර්තමාන නේපාල රාජ්‍යයට අයත් ලුම්බිණි සාලවන උද්‍යානයේ දී ය (වෙසක් පුන් පොහෝදා උදෑසන එකොළහට පමණ ය.) ඒ උතුම් ලුම්බිණි පින්බිමේ පූජනීයත්වය හා එෛතිහාසිකත්වය පහදා දීම මේ ලිපියේ අරමුණ යි.

ශාක්‍ය රාජධානිය හා කපිලවස්තුපුරය

ලුම්බිණි පුදබිමේ සිට කි. මී. 15ක් දුරින් ඉන්දියාවේ පිප්රුවා නමින් හඳුනාගෙන ඇති කපිලවස්තුපුරයේ 1897-1898 කාලයේ දී ඩබ්. ඩී. පෙපේ සහ පී. ඩී. මුඛර්ජි යන මහත්වරුන් විසින් කැණීම් සිදු කරන ලදී. එහි ප්‍රධාන ස්ථූපයේ නටබුන්වල කරන ලද කැණීම්වල දී අඩි 18ක් පමණ යට තිබී ගලින් කළ මංජුසාවක් හමුවී ඇත. එහි තුළ තිබූ කරඬු පහක් ද හමුවී තිබේ. එම එක කරඬුවක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද පහත ලේඛනය ද හමු වී තිබේ.

ඉයං සලිල නිධරන බුදසභගවතා
සකියානං සුකිති භතානං සහභගිනිකානං-සසුන දලන

මෙහි තේරුම මෙසේ ය. “භාග්‍යවතුන් වහන්සේගේ මෙම ශාරීරික ධාතු නිධානය දැඩි භක්තියෙන් යුතු වූ උන්වහන්සේගේ ඤාති සහෝදර සහෝදරියන් සහිත ශාක්‍යයන් විසින් කරවන ලදී” මේ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ ව අවස්ථා (ස්තර) තුනක් ගැන පුරාවිද්‍යාඥයෝ කරුණු හෙළිකරගෙන ඇත. පළමු වන ස්තරය ධාතු නිධන් කළ ශාක්‍යයන්ගේ කාලය යි. දෙවැනි ස්තරය අයත් වන්නේ රාජ වර්ෂ 3වන සියවසට අයත් ධර්මාශෝක රජතුමාගේ කාලයට ය. මෙහි තෙවැනි ස්තරය ඉන් පසුව රජ වූ රාජවර්ෂ 2 වැනි සියවසේ කුශාන රාජවංශික යුගයට අයත් වෙයි. ඒ අනුව ධර්මාශෝක රජතුමා ද කුශාන රාජ වංශික කනිෂ්ක රජතුමා ද මෙම ධාතු ස්ථූපය ප්‍රතිසංස්කරණය කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති. මෙම ඉන්දියාවේ පිප්රුවාහි කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා 1978 අප්‍රේල් මස 28 දිනත්, 2012 වර්ෂයේදිත් මහත් හරසරින් යුතුව ලක්දිවට වඩමවා සැදැහැවතුනට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා දෙන ලදී. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු සිදු කළ ආදාහන පූජාව පිළිබඳවත්, ඒ ආදාහන පූජාවෙන් පසු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර ධාතු චෛත්‍යයන් අටක් දඹදිව ඉදිවූ බවත් මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් ය. ශාක්‍යයන්ට ලැබුණු ධාතු කොටස කපිලවස්තුවෙහි සාදන ලද ස්ථූපයක නිධන් කරන්නට යෙදුණි. ඉහත පුරාවිද්‍යාත්මක සොයා ගැනීමත් සමඟින් එහි සත්‍යතාවය මැනැවින් තහවුරු වන්නේ ය.
එමෙන් ම වර්ෂ 1978දී වර්තමාන නේපාල-ඉන්දීය දේශ සීමා ප්‍රදේශයේ කඳුගැටයක දී (පැරණි කපිලවස්තුපුර සමීපයේ දී) පුරාවිද්‍යා අධීක්ෂණය යටතේ සිදු කළ කැණීම්වල දී සර්වඥධාතූන් සහිත කරඬු සොයා ගැනින. මෙම ධාතූන් වහන්සේලා හමු වූයේ ශාක්‍යවරුන් විසින් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් ලැබීමෙන් පසුව ධාතු නිධන් කර සාදනු ලැබූ චෛත්‍යයකින් බව හඳුනාගනු ලැබී ය.

“ඉයං සලිල නිධානේ
බුද්ධත්ව භගවතේ
සකියානං සනුත්ත ධලනේ”

වශයෙන් එහි සටහන් කර තිබී ඇත. එහි දී කපිලවස්තු පුරයෙන් හමුවූ ධාතූන් වහන්සේලා ගණන 22නමකි. 1982 දී ද 1987 දී ද එම ධාතූන් වහන්සේලා ලංකාවට වඩමවා ප්‍රදර්ශනය කොට ඇති අතර මේ දක්වා ම දිල්ලි කෞතුකාගාරයේ දැඩි රැකවරණ මධ්‍යයේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා විරාජමාන ව වැඩසිටිති.

ශාක්‍යන්ගේ වාසභූමිය වූ ශාක්‍ය ජනපදයේ අගනුවර කපිලවස්තුපුරය වූ අතර සම්බුද්ධ භාෂිතයට අනූව බෝසතාණන් වහන්සේගේ ජන්ම භූමිය කපිලවස්තුපුරය යි. කපිල ඍෂිවරයාගේ ආශ්‍රමය තිබූ ස්ථානයෙහි ඔක්කාක රාජපුත්‍රයන් විසින් ඉදි කරන ලද හෙයින් මෙම නගරය කපිලවස්තු නම් වී ය. ශාක්‍ය ජනපදය කෝලිය ජනපදයට මායිම් ව පිහිටි අතර මෙම ජනපද දෙක වෙන් වූයේ රෝහිණී නදියෙනි. සිද්ධාර්ථ කුමරුන් ගිහිකල වසර විසිනවයක් වැඩවාසය කළේ ද කපිලවස්තු රාජධානියෙහි ය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් දෙවන වසරේ දී විසිදහසක් මහරහතන් වහන්සේලා සමඟ කපිලවස්තුවට වැඩම කළ අතර ශාක්‍ය රජුන් බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට වැඩවිසීම පිණිස නීග්‍රෝධාරාමය කරවා පූජා කළහ.

එමෙන් ම ‘කපිල වත්ථු භික්ඛු සංඝ’ යනුවෙන් සඳහන් මුද්‍රාවක් ද කැණීම්වල දී සොයා ගත් අතර එමඟින් කපිලවස්තු පුරයේ පිහිටීම එෛතිහාසිකත්වය පුරාවිද්‍යාත්මක වශයෙන් ද තහවුරු විය.

ලුම්බිණි සල් උයන

ලුම්බිණි සල් උයන, වර්තමානයේ ඉන්දු නේපාල මායිමේ සොනාලි ග්‍රාමයේ සිට කිලෝමීටර් 27ක් දුරින් පිහිටි රූපන්ඩි ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම උයන ශාක්‍යයන්ගේ අගනුවර වූ කපිලවත්ථුවටත්, කෝලියයන්ගේ අගනුවර වූ දෙව්දහ නුවරටත් අතරමැද පිහිටා තිබූ අතර ශාක්‍ය කෝලිය දෙවංශයට ම පොදු තැනක් විය. අද දෙරටක් වුව ද බුද්ධ කාලයේ ඉන්දියාව හා නේපාලය, ‘දඹදිව’ නම් වූ එක ම රටට අයත් විය. අද දෙරටක් වී වීසා නොමැතිව දේශ සීමා ඉක්මවා යා නොහැකි වීමත්, නව මාර්ගත් නිසා කපිලවත්ථුවේ සිට ලුම්බිණියට දුර කිලෝමීටර් 83ක් වුව ද එක එල්ලේ ම ලුම්බිණියට ඇත්තේ කිලෝමීටර් 13කටත් අඩු ප්‍රමාණයකි. ලංකාවේ ත්‍රිවිධ හමුදාවල ඇතැම් නිලධාරීන් නේපාල හමුදාවේ සහයෝගය ඇතිව මහජනයාට වසා ඇති මෙම මාර්ගයෙන් ලුම්බිණි පුදබිමට යාමේ වරප්‍රසාදය ලබා ඇත.

වයස අවුරුදු 54 දී ධර්මාශෝක රජතුමා ලුම්බිණි පුදබිම වැඳ පුදාගෙන ටැම් ලිපියක් ද ස්ථාපනය කොට තිබිණි. 1895 වර්ෂයේ දී ආචාර්ය ඒ. ප්‍යුරර් මහතා විසින් අශෝක ශිලා ස්තම්බය සොයා ගැනීමෙන් පසු ස්ථිර වශයෙන් ම ලුම්බිණි පුදබිම සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය සිදු වූ ස්ථානය බවට පුරාවිද්‍යාත්මක ව ද තහවුරු විය. අදටත් දැක ගත හැකි එම සෙල්ලිපියේ මෙසේ සඳහන් වේ.

“දේවානම් පියේන පියදසින – ලංජින විසති වසාහි සිතෙන
අතන අගව මහිජිතෙ හිඳ – බුද්ධ ජාතේ සක්‍ය මුනිති
සිලාවිගඩ බිවේ කාලාජිතෙ – සිලා තහිජ උපසාහිතේ
හිද භගවං ජාතේන – ලුම්බිණි ගාමේ අබලිසේ කථෙ අටබාගේ යේව”

එහි අර්ථය;
“දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජු තම ඔටුනු පැලඳුමෙන් විසිවෙනි වර්ෂයෙහි පෞද්ගලික ව ම මෙම ස්ථානයට පැමිණ ශාක්‍ය මුනින්ද්‍ර වූ බුදුරජාණන් වහන්සේ උපන් මෙම පුදබිමට වන්දනාමාන කළ අතර බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිහි වීම පිණිස මෙම ලුම්බිණි ගමෙන් රජයට අය විය යුතු අටෙන් එකක අය බද්දෙන් නිදහස් කරන ලදී.”

දහනව වැනි ශතවර්ෂයේ මෙම ස්ථානයේ කරන ලද එළිපෙහෙළි කිරීම් සහ කැණීම්වලින් පසු මෙම ශුද්ධ භූමිය නැවත ඉස්මතු කරගෙන තිබේ. ජපන් රජය මඟින් එකී නෂ්ටාවශේෂ මැදි කොට අලංකාර විහාර මන්දිරයක් තනා තිබේ. සිදුහත් කුමරාගේ උත්පත්තියට පෙර මහාමායා දේවිය ස්නානය කළා වූ ද සිදුහත් කුමරාගේ පළමු ස්නානය සිදු කළා වූ ද පොකුණ අදටත් එහි දක්නට ලැබීම බොදුනුවන්ගේ භාග්‍යයකි.

එමෙන් ම බි්‍රතාන්‍යයේ ඩර්හැම් සරසවියේ මහාචාර්ය රොබින් කොනින්හැම් (Robin Coningham) මහතාගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යාඥයන් 15කගෙන් සමන්විත කණ්ඩායමක් ලුම්බිණි පූජාභූමියේ කරන ලද කැණීම්වල දී, දැනට ඇති විහාර භූමියට යටින් පිහිටි විහාරයක් සොයා ගැනීමට හැකි විය. පොළොවට යටින් ඇති ලී ආකෘතියක් තවදුරටත් කැණීම් කරගෙන යද්දී පොළොව මතුපිට ඇති විහාර ගෘහයේ අනුරුවට ම සමාන විහාර මන්දිරයක් එහි භූ ගර්භයේ ද තිබූ බව දැන ගන්නට හැකි වී තිබේ. මහාචාර්ය රොබින් කනින්හැම් ප්‍රමුඛ පුරාවිද්‍යාඥ පිරිස පවසන පරිදි භූ ගර්භයෙන් මතු වූ ගොඩනැඟිල්ල ගසක් වටා ගොඩ නගන ලද්දකි. එතුළ වූ ගස නිසාවෙන් එහි පියස්සක් ඉදි කොට නො තිබූ අතර ගසට වැඩී ඉහළට අතු විහිදී යෑමට හැකි වන සේ පියස්සක් ඉදි නොකොට විවෘත ව තබන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වී ඇත.

මෙම වෘක්ෂය වට කොට තනා තිබූ ලී සැකිල්ල නවීන තාක්ෂණයට අනූව කාබන් සමස්ථිකය යොදා පර්යේෂණයට ලක් කිරීමේ දී එහි ඉතිහාසය ක්‍රි. පූ. 550ට තරම් ඈතට දිව යන බව තහවුරු විය. එසේ නම් එම වෘක්ෂය සිදුහත් බෝසතුන් බිහි කරන මොහොතේ මහාමායා දේවිය අත්තක් අතින් අල්ලා ගත් සාල වෘක්ෂයට ම විය යුතු ය. ඉන්දියානු බෞද්ධ ඉතිහාසය සනාථ කරන, එමෙන් ම ලුම්බිණි පුදබිමේ පිහිටීම ස්ථිර කරන මෙම ප්‍රවෘත්තිය 2013ක් වූ නොවැම්බර් මස 30වෙනි දින ශ්‍රී ලංකාවේ සියලු ම රූපවාහිනී මාධ්‍ය මඟින් සජීව ව ඉදිරිපත් කළ අතර, ඊට පසු දින ඉරිදා පුවත්පත් ඔස්සේ ද පුදබිමේ ඡායාරූප සමඟින් මහජනතාවගේ දැනුවත් වීම පිණිස සියලු විස්තර ඉදිරිපත් කෙරිණි.

මෙම අසිරිමත් පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් සමඟ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වූයේ නියත වශයෙන් ම දඹදිව නේපාලයේ ලුම්බිණි පුදබිමේ දී බවත්, එය සිදු වූ නියම වකවානුවත් නැවත වතාවක් ස්ථිර විය.

තව ද ධර්මාශෝක රජතුමා අභිෂේකයෙන් දහනවවන වසරේ දී, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සමඟ කරන ලද, දෙවන පංච වාර්ෂික වන්දනා ගමනේ දී, බෝසත් අවධියේ වැදගත් ස්ථාන දැකබලාගෙන ඒවා සුරක්ෂිත කිරිමට කටයුතු කළේ ය. කපිලවස්තුපුරයේත්, ලුම්බිණි පුදබිමේත් ධර්මාශෝක රජතුමා කරවන ලද ශාසනික සංග්‍රහයන් පහත පරිදි වේ.

ලුම්බිණි සාලවනයේ සිද්ධාර්ථ කුමරු උපත ලද තැන, අශ්ව ලාංඡනයක් සහිත කුළුණක් කරවා, ලුම්බිණිවාසී ජනතාවට ලබා දුන් බදු සහන ද එහි සඳහන් කිරීම.
සිදුහත් කුමරුන් මෙලොවට බිහි වී සත් පියවර තබමින් ඇවිද ගොස්, “අග්ගෝ හමස්මි ලෝකස්ස” යනුවෙන් සිහනද පැවැත්වූ තැන දෙවියන් විසින් මැවූ නෙළුම් මල් සිහි වීම පිණිස, අලුතින් පිපිණු නෙළුම් මල් හතක් තැනවී ය.
කුමරු උපන් තැන චෛත්‍යයක් කරවී ය.
කුමරු උපන් ස්ථානයේ මහාමායා දේවිය සල් අත්තක් අල්ලාගෙන සිටින ප්‍රතිමාවක් සහිත ගෘහයක් කරවී ය. (කැණීම්වල දී සොයා ගත් එහි නටඹුන් ජපන් රජය විසින් තැනූ විහාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.)
උණුදියෙන් සහ ඇල්දියෙන් මව සහ කුමරු නැහැවුණ තැන ස්ථූප දෙකක් කරවී ය.
කුමරුට රන් සළුව පෙරවූ තැන ථූපයක් කරවීම සහ සතරවරම් දෙවිවරු කුමරු පිළිගත් තැන ථූප හතරක් කරවීම.
සිදුහත් කුමරා ශිල්ප දක්වා ජයගත් ස්ථානයේ ථූපයක් සහ ටැම් ලිපියක් කරවීම.
දේවදත්ත විසින් සිදුහත් කුමරු ශිල්ප දැක්වූ තැනට යන මහමඟ ඇත්කඳින් අවහිර කළ තැන ස්ථූපයක් කරවා ශිලා ලිපියක් සවි කිරීම.
යශෝධරා දේවිය විසූ මන්දිරය තිබූ තැන විහාරයක් කරවා ටැම් ලිපියක් සවි කිරීම.
සිදුහත් කුමරු මහාභිනික්මන පිණිස පිටත් වූ තැන, කුමරු අසකු පිට නැඟී සිටින ආකාරය දැක්වෙන ප්‍රතිමාව සහිත විහාරයක් කරවීම.
සිදුහත් කුමරු සතර පෙරනිමිති දුටු තැන් හතරෙහි මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිද්දෙක් යන රූප හතර අඹා ඒ තැන් හතරෙහි ප්‍රතිමාගෘහ හතරක් කරවා ශිලා ලිපි හතරක් සවි කිරීම.
වප්මඟුල් දින සිදුහත් කුමරු දඹ රුක මුල යහනෙහි පලක් බැඳ ධ්‍යානයට සමවැදී සිටි තැන චෛත්‍යයක් ඉදි කොට කුළුණක් සවි කිරීම.
විඩූඩභ රජු විසින් ශාක්‍යයන් නැසූ තැන ඔවුන් සිහිවීම පිණිස ථූප දහසක් කරවීම.
කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයට බටහිර පැත්තේ චෛත්‍යයක් කරවා ටැඹක් සිටුවීම.
සිදුහත් කුමරු විදින ලද හීය ලෝහ තහඩු සිදුරු කරගෙන ගොස් බිම වැටී උල්පතක් මතු වූ තැන සෑදුන ශරකූපය අසල ථූපයක් සහ ටැම් ලිපියක් කරවීම.
බෝසත් කුමරාණන් නැහැවූ ස්ථානයෙහි ථූපයක් සහ ටැම් ලිපියක් කරවීම.
කපිලවස්තු පුරයේ හා ලුම්බිණියේ තිබුණු මෙම පූජනීයස්ථාන පාහියන් හා හියුංසියැං යන චීන දේශාටකයන් සිය වාර්තාවන්ගේ දක්වා තිබූ අතර, 1895 වසරේ සිට ආචාර්ය ප්‍යුරර් විසින් කරන ලද කැණීම් මඟින් අනාවරණය කර ගත හැකි විය.

සම්බුද්ධ දේශනාවල ද අට්ඨකථාවල ද සෙල්ලිපිවල ද සඳහන් කරුණු අනුවත් පුරාවිද්‍යාත්මක සොයගැනීම් අනුවත් භාග්‍යවතුන් වහන්සේ උපත ලැබුවේ වර්තමාන නේපාල රාජ්‍යයට අයත් ලුම්බිණි සාල වනයේදී බව වැනැවින් තහවුරු වන්නේය. එමෙන්ම කපිලවස්තු පරුරය පිළිබඳව ද සත්‍ය තොරතුරු මෙහි සඳහන් ය. එසේ තිබියදී බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ” යැයි යන බරපතල මුසාවාදය පවසන පතුරුවන පිරිස ලකංාවේ තෙල්දෙණිය අසල බඹරගල, සිදුහත් කුමරු උපන් ස්ථානය යැයි පවසති. එමෙන්ම දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව ප්‍රදේශයේ යැයි පවසමින් සතරවන සිල්පදය යළි යළිත් බිඳිමින් පව් රැස්කර ගනිති. අන් අයව ද එම පවෙහි සමාදන් කරවති. එම මිථ්‍යාමතධාරීන්ට අනුව කපිලවස්තු පුරය පිහිා තිබී ඇත්තේ දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ ප්‍රදේශයක ය. ඔවුන් ම මුසාවාදීව පවසන්නේ මහවැලි ගඟ යනු රෝහිණී නදිය බවයි. කිසිදු සත්‍යය පදනමක් හෝ පිළිගත් සාධයක් නොමැතිව එම මිථ්‍යාමතධාරීන් පවසන මේ අශාසනික වූ, අසත්‍ය වූ, පදනම් විරහිත ප්‍රකාශයන් ගැන සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත්ම මුළ නොවිය යුතුය. සැදැහැ සිතින් දඹදිව පුණ්‍යභූමි වැඳ පුදාගෙන, පහන් සිත් ඇතිකරගෙන, උතුම් පින් රැස්කරගත යුතුය. මිථ්‍යාමතධාරීන්ට හොඳ සිහිකැඳවීමක් හිටපු පුරාවිදයා සහකාර අධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා කර තිබෙනු අපට දැකගන්නට හැකි විය. ඒ මෙසේය,

“මෙපමණ පුරාවිදයාත්මක හා ඓතිහාසික සාක්ෂි තිබියදී සිදුහත් කුමරුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් මහජනතාව මුළාකිරීමට ඉඩදිය යුතු නොවේ. බුදුදහම නිසිලෙසින් අනුගමනය කරන්නේ නම්, මෙවන් මිථ්‍යා මත පලකරන්නනන් කිසිසේත්ම මේ ව්‍යාජ කථා පිළිගන්නේ නැත. උදර පෝෂණය සඳහා කරන මෙවන් මිථ්‍ය මත පතුරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට කාලය බැවින් මේ පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරවමු.” කියා ය.

එම නිසා සැදැහැවතුනි, ඔබ භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ බුද්ධභූමි පහන් සිතින් වැඳපුදා ගන්න. අන් අයට ද සත්‍යය පහදා දෙන්න. මිථ්‍යාමතවලට නොරැවටී අන් අයව ද මිථ්‍යාමතධාරීන්ගෙන් ප්‍රචාරවලට හසුවීම වැළක්වන්න. එම උතුම් පින ඔබට මෙලොව පරලොව යහපත පිණිස ද ගෞතම සසුනේ චිර පැවැත්ම පිණිස ද ඒකාන්තයෙන් හේතු වනු ඇත.
Read More

Sunday, October 21, 2018

October 21, 2018 0

ලංකාවේ බුදුන් උපන්නා යයි කියමින් මහාවංශයටද පහර දී බුදු සසුන තුරන් කරන පිරිසගෙන් මේ සසුන බේරා ගැනීම පිණිස සැකසුන ලිපි පෙලකි. විජය කුමරු පැමිණීමට පෙර ඉතිහාසයක් කියන මොවුන් සාසනය විකෘති කරයි. විජය කුමරු පැමිණීමට පෙර බුදුන් වහන්සේ වැඩිබව සත්‍යයකි. මැණික් පුටු පාවිච්චි කළ පිරිසක් සිටි බව සත්‍යයයකි. යක්ෂයින් සිටි බව සත්‍යයකි. ඒනමුත් ඔවුන් සිංහල නොවන බව වටහා ගත යුතුය.
“අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය යි” යන මුසාවාදය පවසන, පතුරුවා හරින පිරිස තම මිථ්‍යා මතය තහවුරු කිරීම පිණිස සිදුකර ඇති තවත් වංචාවක් වන්නේ ඉතිහාසය විකෘති කරලීම යි. මෙවර ලිපියෙන් අප උත්සාහ කරන්නේ අට්ඨකතා සහ මහාවංශය ආදී වංශකතාවන් ද සෙල්ලිපි ආදිය ද උපයෝගී කර ගනිමින් සත්‍ය වූ ඉතිහාසය සියලු දෙනාටම පැහැදිලි කර දීමට යි.

ධර්මාශෝක රජතුමා ගොඩනැගුවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ද?

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ය යන අසත්‍ය වූ මිථ්‍යා මතය පතුරුවා හරින පිරිස පවසන පරිදි ධර්මාශෝක රජතුමා බුද්ධ පරිනිර්වාණයෙන් වසර 280කට පමණ පසුව ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් පිහිටවූවේලු.

එම බරපතළ මිථ්‍යාව තහවුරු කිරීම පිණිස කිසිදු ග්‍රන්ථයක හෝ සෙල්ලිපියක සඳහන් නොවන, හිතාමතා ගෙතූ අසත්‍ය ප්‍රකාශ රාශියක් කර තිබේ. ඒවායින් කිහිපයක් මෙසේ ය.

අශෝක රජතුමා හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් කිහිපවිටක් ම යුද්ධ හමුදා හෙළ දිවයිනට එවූවත් එය අසාර්ථක විය.
හෙළදිව යටත් කරගත නො හැක්කේ ඇයි දැයි ශ්‍රාවක සංඝරත්නයෙන් අශෝක රජතුමා විමසූ බවත් එවිට “මහරජ ඒ හෙළ දිවයින යනු ජන්බුද්වීපය යි. බුද්ධ රාජ්‍යය ද ධර්ම රාජ්‍යය ද වූ එය යුද්ධ බලයෙන් යටත් කළ නො හැකියි” කියා ප්‍රකාශ කළ බව.
අශෝක රජතුමා ලංකාවේ පිහිටා තිබූ අයුරින් ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් ගොඩනංවා ඒවාට ඒ ඒ නාමයන් තැබූ බව.
මිහිඳු මාහිමියන් ද සංඝමිත්තා තෙරණිය ද ධර්මය ඉගෙන ගත්තේත්, මග ඵල ලැබුවේත් හෙළදිව දී බව.
කිසිම අශෝක සෙල්ලිපියක පවිත්‍ර බුද්ධ ධර්මය ගැන කිසිම සඳහනක් නැති බවත්, ආගම් සංකල්ප, දේව ඇදහිලි පිළිබඳව නිරතුරුව ලියා ඇති බවත්, නිවන පිළිබඳ ව කිසිම දැනුමක් හෝ විශ්වාසයක් අශෝක රජතුමාට නො වූ බව.
අශෝක රජතුමාගේ සංකල්පයක් අනුව බිහි වූ නිර්මල බුදු සමය නොවූ බුද්ධාගමක් ඉන්දියාවේ මෙන් ම අසල්වැසි රටවලටත් කෙටි කලකට හෝ ව්‍යාප්ත විය.
ජම්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ (ලංකාවේ) එදා ප්‍රධාන ජනපද දහසයක් විය.
අද රිටිගල යැයි අප හඳුන්වන්නේ එදා සුදත්ත (අනේපිඬු) සිටුතුමා තම ධනය වැයකර ඉදිකරන ලද දෙව්රම වෙහෙරේ නටඹුන් ය.
එදා රජදරුවන් හා මහධන සිටුවරුන් පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදූ ඒවා නො වේ.
මිථ්‍යා මතයක් තහවුරු කරලීම පිණිස සිදුකර ඇති මේ නිර්ලජ්ජිත අසත්‍ය ප්‍රකාශයන් සමූහය දෙස විමසුම් නුවණින් බලන කවරෙකුට වුව ද සත්‍ය කුමක්දැයි වටහා ගත හැකි වුවත් අදාළ මුලාශ්‍ර උපයෝගී කර ගනිමින් සත්‍යය ඉස්මතු කරලීම වඩාත් අර්ථවත් හෙයින් මෙතැන් සිට එකින් එක කරුණු පහදා දෙන්නෙමු.

ධර්මාශෝක නිරිඳුන් හෙළදිවට දුන් දායාදය…..

ශාසනික ඉතිහාසය සඳහන් වන කිසිදු අට්ඨකථාවක හෝ මහාවංශය ආදී වංශකථාවලත් කිසිදු සෙල්ලිපියක හෝ අශෝක රජතුමා ලක්දිව ආක්‍රමණය කරන්නට හමුදා එවූ බවට අංශුමාත්‍ර සඳහනක්වත් නොමැති අතර ඒ සියලු මූලාශ්‍රවල සඳහන් වන්නේ එතුමා ලක්දිව වැසියන් කෙරෙහි හිතෛෂීව ලබා දුන් අමිල වූ දායාදයන් පිළිබඳව යි. අරිට්ඨ අමාත්‍යතුමා ප්‍රධාන ලාංකීය දූත පිරිස දඹදිව (ඉන්දියාවේ පාටලී පුත්‍ර නගරයේ) සිට ආපසු හෙළ දිවට පැමිණෙද්දී, දේවානම්පිය තිස්ස රජුට අභිෂේක භාණ්ඩත් සමඟින් එවූ සදහම් පඬුර මෙසේ ය.

අහං බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝඤ්ච සරණං ගතෝ
උපාසකත්තං දේසේසිං – සක්‍යපුත්තස්ස සාසනේ

“මම ශාක්‍යපුත්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියෙමි. උන්වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් යුතුව වදාළ ධර්මයත් සරණ ගියෙමි. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාත් සරණ ගියෙමි. ශාක්‍යපුත්‍ර ගෞතම සම්බුදු සසුනෙහි උපාසක භාවය ප්‍රතිඥා දුන්නෙමි.”

ත්වම්පි’මානි රතනානි – උත්තමානි නරුත්තම
චිත්තං පසාදයිත්වාන – සද්ධාය සරණං වජ

“(දේවානම්පිය තිස්ස) රජතුමනි, ඔබත් මේ උතුම් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුතුව සරණ යනු මැනව” කියන සදහම් පඬුරුත් පිටත් කළා. (මහාවංශය 11වෙනි පරිච්ඡේදය)

බු. ව. 236 දී පමණ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රහතන් වහන්සේලා දහස්නමකගේ සහභාගීත්වයෙන් ධර්මාශෝක නිරිඳුන්ගේ දායකත්වයෙන් තෙවන ධර්ම සංගායනාව දඹදිව (ඉන්දියාවේ) පාටලීපුත්‍ර නගරයේ (වර්තමාන පැට්නා) අශෝකාරාමයේදී පවත්වනු ලැබිණි. ඒ බව මහාවංශයේ 5 වෙනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.

ථේරෝ අනේකසංඛම්හා – භික්ඛුසංඝා විසාරදේ
ඡළභිඤ්ඤේ තේපිටකේ – පභින්නපටිසම්භිදේ
භික්ඛුසහස්සං උච්චිනි – කාතුං සද්ධම්මංසංගහං
තේහි අසෝකාරාමම්හි – අකා සද්ධම්මසංගහං

“අපගේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, බිය තැතිගැනීම් නැති විසාරද භාවයට පත්, සය වැදෑරුම් අභිඥා ඇති, ත්‍රිපිටකධාරී, සතර පටිසම්භිදාලාභී රහත් භික්ෂූන් වහන්සේලා දහස්නමක් තෝරා ගත් සේක. ඒ තුන්වන ධර්ම සංගායනාව කිරීම පිණිස යි. උන්වහන්සේලා විසින් අශෝකාරාමයේදී තෙවෙනි ධර්ම සංගායනාව සිදුකරනු ලැබුවාහ.” (මහාවංශය – තෙවෙනි ධර්ම සංගායනාව)

තෙවන ධර්ම සංගායනාවෙන් පසු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලවා සම්බුද්ධ සන්දේශය ද සංඝමිත්තා තෙරණිය ලවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සුමන රහත් සාමණේරයන් අත සර්වඥ ධාතූන් වහන්සේලා ද ලක්දිවට වැඩම කරවීමට පූර්ණ අනුග්‍රහය ලබාදුන්නේ ධර්මාශෝක නිරිඳුන් ය.

සමන්තපාසාදිකා නම් විනය අට්ඨ කතාවේ ද දීපවංශයේ ද වංසත්ථප්පකාසිනී නම් මහාවංශ ටීකාවේ ද මෙම සිදුවීම් මේ අයුරින් ම සඳහන්ව ඇත. එමෙන් ම නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේගෙන් ධම්මපදයේ අප්‍රමාද වර්ගයෙන් දහම් අසා ධර්මාශෝක රජතුමා තුනුරුවන් කෙරෙහි පැහැදී සඟරුවනට දන්පැන් පූජා කළ ආකාරය සඳහන් වන්නේ මෙලෙස යි.

තිත්ථියානං සහස්සානි – නික්කඩ්ඩිත්වාන සට්ඨි සෝ
සට්ඨි භික්ඛුසහස්සානි – ඝරේ නිච්චං අභෝජයී

“කලින් අන්‍ය තීර්ථකයන්ට අශෝක රජතුමා දන් දුන්නේය. රජතුමා තෙරුවන් සරණ ගියාට පසු ඒ අන්‍ය තීර්ථකයන් බැහැර කරවා හැටදහසක් භික්ෂූන් වහන්සේලාට රජමැදුරේ නිතිපතා වැළඳෙව්වේය.”

භුසාපෙත්වාන නගරං – ගන්ත්වා සංඝං නිමන්තිය
ඝරං නෙත්වාන භෝජෙත්වා – දත්වා සාමණකං බහුං

“රජතුමා නගරය අලංකාර කරවා සංඝයා බැහැදකින්ට ගොසින් දානයට ආරාධනා කළේය. රජ මාළිගයට වඩම්මාගෙන දන්පැන් පූජා කොට ශ්‍රමණයන්ට කැපසරුප් බොහෝ පිරිකරත් පූජාකරගත්තේය.”
(මහාවංශය- ධර්මාශෝක නිරිඳුන් බුදු දහම වැළඳ ගැනීම ගැන කථාව)

රතනත්තයනිග්‍රෝධ – ගිලානානන්ති සාසනේ
පච්චේකං සතසහස්සං – සෝ දාපේසි දිනේ දිනේ

ධර්මාශෝක රජ්ජුරුවෝ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් යුක්ත උතුම් බුද්ධ ශාසනයෙහි පහන් වූ සිතින් යුතු වූයේය. නිග්‍රෝධයන් වහන්සේටත් ගිලන් භික්ෂූන් වහන්සේලාටත් සිව්පසය පිණිස වෙන් වෙන් වශයෙන් දිනපතා කහවණු ලක්ෂය බැගින් වෙන් කරන ලද්දේය.

මේ ආකාරයෙන් නිරන්තරයෙන් ම සැදැහැ සිතින් සංඝරත්නය උදෙසා සිව්පසයෙන් පිදූ ධර්මාශෝක රජතුමා සංඝයාගෙන් විමසා සිටියේ “හමුදා යවා හෙළදිව යටත් කර ගත නොහැක්කේ කුමක් නිසා ද?” කියා නොව “ශාස්තෘන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය කොපමණ ප්‍රමාණයකින් යුක්තදැ” යි කියා ය. (සත්ථාරා දේසිතෝ ධම්මෝ – කිත්තකෝ’ති අපුච්ඡථ) එවිට මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ වදාළේ “මහ රජ්ජුරුවෙනි, අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අසූහාර දහසක් ධර්මස්කන්ධයෙන් යුක්තයි” කියා ය. එවිට අපමණ ශ්‍රද්ධාවෙන් යුතු ධර්මාශෝක රජතුමා මෙසේ පැවසී ය. “ස්වාමීනී, මං ඒ අසූහාර දහසක් ධර්මස්කන්ධයන්ගෙන් එක් එක් ධර්මස්කන්ධයක් වෙනුවෙන් වෙන වෙන ම විහාරයන් තනවා පූජා කරන්න ඕනෑ” කියා ය. ඉන් පසු අසූහය කෝටියක් ලබාදී දඹදිව් තලයේ අසූහාර දහසක් නගරවල අසූහාර දහසක් විහාරයන් තුන් අවුරුද්දක් තුළ සාදවා නිම කළ ධර්මාශෝක නිරිඳුන් පාටලීපුත්‍ර නගරයේ අශෝකාරාමය ප්‍රමුඛ ඒ සියලු වෙහෙර විහාර වෙසක් පුන්පොහෝ දිනකදී මහත් සැදැහැයෙන් ගෞතම බුදු සසුනට පූජා කළේ ය. (මහාවංශය- ධර්මාශෝක නිරිඳුන් බුදු දහම වැළඳ ගැනීම ගැන කතාව)

ඉක්බිති මොග්ගලීපුත්ත තිස්ස තෙරිඳුන්ගේ උතුම් අනුශාසනාවන්ට අනුව ශාසන දායාදය ලබන්නට ධර්මාශෝක නිරිඳුන් සිය නෙත් සඟල වන් මහින්ද කුමරුන් හා සංඝමිත්තා කුමරිය පැවිදි බිමට ඇතුළත් කළේ ය. ඔවුන් පැවිදි උපසම්පදාව ලැබුවේත්, උතුම් අරහත්වය සාක්ෂාත් කළේත් හෙළදිව දී නොව දඹදිව තලයේ දී ම ය. ඒ බව ඉතා පැහැදිලිව මහාවංශය ආදී වංශකතා පොත්වල ද අට්ඨකතාවන්හි ද සඳහන්ව ඇත. පාටලීපුත්‍රයේ අශෝකාරාමයේදී පැවිදි දිවියට පත් මිහිඳු කුමාරයාගේ උපාධ්‍යායන් වහන්සේ වූයේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ය. මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා ව පැවිදි කළහ. මජ්ඣන්තික තෙරුන් වහන්සේ උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසූහ. උපසම්පදා මාලකයේදී ම මිහිඳු නමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්භිදාවෙන් යුක්තව අරහත් ඵලයට පත් වුණ සේක.

උපජ්ඣායෝ කුමාරස්ස – අහු මොග්ගලිසව්හයෝ
පබ්බාජේසි මහාදේවත්ථේරෝ මජ්ඣන්තිකෝ පන
කම්මවාචං අකා තස්මිං – සෝ’පසම්පදමණ්ඩලේ
අරහත්තං මහින්දෝ සෝ – පත්තෝ සපටිසම්භිදං

(මහාවංශය- පස්වෙනි පරිච්ඡේදය, තෙවෙනි ධර්ම සංගායනාව)

සංඝමිත්තා කුමරිය පැවිදිවන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණිය වූවා ධම්මපාලා තෙරණියෝ ය. ඇයගේ ආචාර්ය භික්ෂුණිය වූවා ආයුපාලී තෙරණියෝ ය. ඒ සංඝමිත්තාවෝ කිහිප දිනකින් උතුම් අරහත්වයට පත් වුණ සේක.

සංඝමිත්තායුපජ්ඣායා – ධම්මපාලාති විස්සුතා
ආචරියා ආයුපාලී – කාලේ සා’සි අනාසවා

මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතුළත සිය උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුන් පිටකය ම ඉගෙන ගත් සේක.

මිහිඳු කුමාරයාත්, සංඝමිත්තා තෙරණියත් උතුම් පැවිදි බව ලබා ගත්තේ අශෝක රජතුමාගේ 7 වන රාජ වර්ෂයේදී වන අතර සම්බුදු දහම දායාද කරන්නට හෙළදිවට වැඩියේ අශෝක රජතුමාගේ 18 වෙනි රාජ්‍ය වර්ෂයේදී ය. එතෙක් මිහිඳු මාහිමියන් ද සංඝමිත්තා තෙරණිය ද වැඩසිටියේ දඹදිව හෙවත් ඉන්දියාවේ මිසක ලංකාවේ නො වේ.

රහතන් වහන්සේලා විසින් නොයෙක් දේශයන් බුදු සසුන කෙරෙහි පැහැදවීම

එමෙන් ම තෙවන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රටවල් නවයකට ඡළභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේලා ලවා පතුරුවා හරින ලද්දේ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය මිස, මිථ්‍යාමතධාරීන් පවසන අයුරින් ධර්මාශෝක රජතුමා නිර්මාණය කළ බුදු දහමක් නො වේ. ධර්ම දූතයන් වහන්සේලා වැඩම කළේ පහත සඳහන් ආකාරයෙනි.

තෙරවරුන් වැඩම කළ දේශය ප්‍රථමයෙන් දෙසූ දහම
1. මජ්ඣන්තික තෙරුන් කාශ්මීර ගන්ධාර දේශය (ඇෆ්ගනිස්ථානය) ආසිවිසෝපම සූත්‍රය
2. මහාදේව තෙරුන් මහිස මණ්ඩලය  දේවදූත සූත්‍රය
3. රක්ඛිත තෙරුන් වනවාස දේශය අනමතග්ග සංයුත්තය
4. ධම්මරක්ඛිත තෙරුන් අපරන්ත දේශය අග්ගික්ඛන්ධෝපම සූත්‍රය
5. මහාධම්මරක්ඛිත තෙරුන් මහාරාෂ්ට ප්‍රදේශය මහානාරද කස්සප ජාතකය
6. මහාරක්ඛිත තෙරුන් යෝනක දේශය හෙවත් ග්‍රීක රට කාලකාරාම සූත්‍රය
7. මජ්ඣිම තෙරුන් හිමාල ප්‍රදේශය දම්සක් පැවතුම් සූත්‍රය
8. සෝණ සහ උත්තර තෙරුන් වහන්සේලා ස්වර්ණ භූමිය බ්‍රහ්මජාල සූත්‍රය
9. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල තෙරවරුන් ලංකාදීපය චුල්ලහත්ථිපදෝපම සූත්‍රය
සෙල්ලිපිවලින් හෙළිවන ධර්මාශෝක රජතුමාගේ සැදැහැති බව සහ ධර්ම ඥානය

ධර්මාශෝක රජතුමා සිය ආගම ලෙස බුදු සමය වැළඳ ගත් බවට සමන්තපාසාදිකා අට්ඨකතාව, දීප වංශය, මහාවංශය ආදී සියලු ම මූලාශ්‍රවල එක ලෙස ම සටහන් වී තිබේ. ඔහු තිසරණයෙහි පිහිටි බවට විධිමත් ප්‍රකාශයක් හාබ්‍රෑ-බයිරාටි 3 වන ගිරිලිපියෙහි ද සඳහන් ය. ඒ මෙලෙසිනි.

“මගධ රට ප්‍රියදර්ශී (ධර්මාශෝක) රජු සංඝයා නැමැද සුවදුක් හා සුඛ විහරණය විචාරා මෙසේ කියයි.” (මෙම සෙල්ලිපියෙන් මගධ රට ඇතුළු සොළොස් මහා ජනපද පිහිටියේ ඉන්දියාවේ බව ද මැනවින් සනාථ වේ)

“වහන්ස, බුදුන්, දහම් හා සඟුන් කෙරේ අපගේ ගෞරවය හා ප්‍රසාදය කොතෙක්දැයි ඔබවහන්සේ දන්නාහු ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ යමක් වේ ද ඒ සියල්ල සුභාෂිත ය. වහන්ස, සද්ධර්මය මෙසේ චිරස්ථායී වන්නේ යැයි සිතා මෙය මම කියමි. එය කීමට මම සුදුසු ද වෙමි. වහන්ස, මෙම ධර්මයෝ, එනම්; (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ)

අ) විනය සමුකස (භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය)
ආ) අරියවංසානි (අරියවංස සූත්‍රය)
ඇ) අනාගත භයානි (අනාගතභය සූත්‍රය)
ඈ) මුනි ගාථා (ථේර ථේරී ගාථා/ මුනි සූත්‍රය)
ඉ) මෝනේය සුත (නාලක සූත්‍රය)
ඊ) උපතිසපසින (රථවිනීත සූත්‍රය)
උ) මුසාවාදය අරභයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ රාහුලෝවාදය (අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය)

යන පෙළ දහම් සියලු ම භික්ෂූන් හා භික්ෂූණීන් නිරතුරුව ම අසා ධාරණය කළ යුතු යැයි මම අපේක්ෂා කරමි. උපාසකයන් හා උපාසිකාවන් ද එලෙස ම කළ යුතුයි. (හාබ්‍රෑ- බයිරාටි සෙල්ලිපිය)

සැදැහැති වන්දනා චාරිකා

එමෙන් ම ධර්මාශෝක රජතුමා මොග්ගලීපුත්ත තිස්ස තෙරිඳුන් සමඟ සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණිය, සම්බෝධිය සාක්ෂාත් කළ බුද්ධගයාව, දම්සක් පවත්වා වදාළ බරණැස ඉසිපතන මිගදාය, පිරිනිවන් පා වදාළ කුසිනාරාව ආදී සිද්ධස්ථානවල වන්දනා චාරිකාවල ද යෙදුණේ ය. එහි දී එම උතුම් ස්ථාන හඳුන්වා දී ඒවාට අදාළව සම්බුදු සිරිතේ සංසිද්ධීන් පැහැදිලි කර දුන්නේ ෂඞ්අභිඥාලාභී ත්‍රිපිටකධාරී මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනි. අදාළ තොරතුරු සමඟින් ඒ පුණ්‍යභූමීන්හි අශෝක කුලුණු පිහිටුවාලූයේ ඒ අනුව මිසක මිථ්‍යා මතධාරීන් පවසන අයුරින් ධර්මාශෝක රජතුමා විසින් ලංකාවේ තිබූ ආකාරයෙන් ඉන්දියාවේ කෘත්‍රිම බුද්ධ රාජ්‍යයක් බිහි කොට ඒවාට නම් තැබීමක් කළා නො වේ.

අශෝක ගිරිලිපි අංක 1 හි ධර්මාශෝක රජතුමා දින 256ක වන්දනාවක යෙදුණ බව සඳහන් අතර 21 වෙනි රාජ්‍ය වර්ෂයේදී ලුම්බිණියට ගිය වන්දනා ගමන ගැන 1 වෙනි අශෝක ටැම් ලිපියෙහි සඳහන් වේ. තව ද 10 වෙනි රාජ්‍ය වර්ෂයේදී ධර්මාශෝක රජතුමා යෙදුණු සුවිශේෂී වන්දනාවක් ගැන 7 වෙනි ගිරි ලිපියෙහි මෙසේ සඳහන් ය. “දෙවානප්‍රිය ප්‍රියදර්ශී රජතෙමේ අභිෂේකයෙන් දසවන වර්ෂයේදී සම්බෝධිය (ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුපිහිටි බුද්ධගයාව) වෙත යාත්‍රාවක යෙදුණේ ය.”

මේ ඉතිහාසගත නිවැරදි තොරතුරු මූලාශ්‍ර අනුව සත්‍ය කුමක්දැයි මැනැවින් පැහැදිලි වන අතර “බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා” යන මතය කොතරම් අසත්‍යයක්දැයි තවදුරටත් සනාථ වේ. එම නිසා ‘නො දැන නො විමසා අපැහැදිය යුතු තැන පැහැදීම අකුසලයක් ය’ යන සම්බුදු වදනත් ‘දැනගෙන විමසා පැහැදිය යුතු තැන පැහැදීම කුසලයක් ය’ යන සම්බුදු වදනත් හොඳින් වටහාගෙන, ඒ උතුම් දඹදිව පුණ්‍ය භූමීන් වන්දනා කරමින් අපි පින් රැස්කර ගනිමු. අශාසනික වූ අසත්‍ය මතවාදයන්ට නොරැවටෙමු. මේ ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණය ලබමු.
Read More
October 21, 2018 0

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද?

සාරාසැකි කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතුව, දෙතිස් මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සාල වනයේදී පියුම් මතින් වැඩ සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් යුතු අනන්ත බුද්ධානුභාවයෙන් යුතුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායේදී නිකෙලෙස් සම්බුදු හදමඩලින් පැන නැංගා වූ අසිරිමත් සිරි සදහම් දෙව් මිනිස් ලෝකයාට දායාද කරමින් දහම් සක ප්‍රවර්තනය කළ සේක. පන්සාලිස් වසරක් පුරා සදහම් අමා වැස්සෙන් අපමණ සත්වයන්ගේ සිත් සතන් නිවා සනසා සම්බුදු කිස නිමවා කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වන උද්‍යානයේදී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ ඒ උත්තම පුණ්‍ය භූමීන් වැඳපුදාගෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පහන් සංවේග උපදවාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින්, දැකිය යුතු, සංවේගයට පත් විය යුතු මේ සතර ස්ථානයන් ඇත්තේ ය.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතේන අනුත්තරං ධම්මචක්කං පවත්තිතන්ති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.’ යි ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැක්ක යුතු, සංවේගයට පත් විය යුතු ස්ථානයක් ඇත්තේ ය.
(ඉධ තථාගතෝ අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බුතෝති ආනන්ද සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවේජනීයං ඨානං)

ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ, ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක.’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියාත් පැමිණෙන්නාහු ය. ආනන්දයෙනි, යම්කිසි කෙනෙක් චෛත්‍යය වන්දනා චාරිකාවේ සැදැහැ සිතින් යෙදී සිටියදී පහන් සිතින් කළුරිය කරන්නාහු ද ඒ සියල්ලෝ ම සුගති සංඛ්‍යාත දිව්‍ය ලෝකයෙහි උපදින්නාහු ය.”

මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය. එනමුත් වර්තමානයේදී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින් සැදැහැති බොදුනුවන් නොමග යවමින් බොහෝ අකුසල් රැස්කර ගන්නා පිරිසක් බෞද්ධයන් නාමයෙන් ම බිහිව සිටීම ජාතියේ මහත් අභාග්‍යයකි. ශාසන පරිහානියකි. සම්බුද්ධ දේශනාවන්ට විකෘති අර්ථකථන දෙමින් සත්‍ය වූ ඓතිහාසික ශාසනික සංසිද්ධීන් බැහැර කරමින් ඔවුන් මේ සිදුකර ගන්නේ ආර්ය උපවාද නම් බරපතල අකුසල කර්මය බව නොවැටහීම ඔවුන්ගේ ම අවාසනාවකි. මේ වනාහි “පින්වත් කස්සප, මාගේ බුදු සසුන විනාශ කරන අය බිහි වන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස තුළින් ම යි” යන සම්බුදු වදන්වල සත්‍යතාවය තහවුරු වීමයි.

එම නිසා ජම්බුදීප යන පාලි වචනය ජන් + බුද් + දීප යනුවෙන් ව්‍යඤ්ජනය ද විකෘති කොට, බුදුන් උපන් දීපය යනුවෙන් අර්ථය ද විපරීත කොට, බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියමින් සිදුකරන ශාසන විලෝපනයට සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත් මුළා නො විය යුතු ය. ජම්බුදීපය යනු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්, වැඩ සිටි, පිරිනිවන් පා වදාළ දඹදිව් තලය යි. සියලු බුදු, පසේබුදුවරු, සක්විති රජවරු පහළවන උත්තම දේශය යි.

එබැවින් සම්බුද්ධ දේශනාවන් තුළින් ම ත්‍රිපිටකයේ සඳහන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කරගෙන අපි නිවැරදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය. ‘බුදුරජාණන් වහන්සේ ඉපදුණේ, වැඩ සිටියේ, දහම් දෙසුවේ ලංකාවේ දී ය’ යන මතය කෙතරම් හරසුන්, අශාසනික, අසත්‍යය කරුණක්දැයි කියා එවිට සම්බුදු වදන් තුළින් ම පැහැදිලි වන්නේ ය. “මාගේ ශ්‍රාවකයින් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් වී, උපදින්නා වූ අශාසනික වැරදි මතවාද, ධර්ම විනය ඉස්මතු කොට මැඩ පැවැත්විය යුතුයි.” යන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව සිදු කළා වන්නේ ද එවිට ය.

ජම්බුදීපය ද? ජන් + බුද් + දීපය ද?

තිසරණ සරණ ගිය සැදැහැති බොදුනුවන් අනාදිමත් කාලයක සිට දැන සිටියේ බුදුන් උපන් දේශය, ජම්බුදීපය හෙවත් දඹදිව ලෙසයි. සෑම ශ්‍රී මුඛ බුද්ධ දේශනාවකදීමත්, විනය පිටකයේත් සඳහන් වන්නේ ජම්බුදීප හෙවත් දඹදිව ලෙසයි. ලංකාධරණී තලයට සම්බුද්ධ සන්දේශය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ද දේවානම්පියතිස්ස නිරිඳුන්ට වදාළේ මෙලෙසයි.

සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා

“මහරජ, ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වූ අපි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි පැමිණියෙමු.” කියා ය. තව ද භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් ලෙස ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප නම් තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් ජටිලයන් දමනය කළ ආකාරය ගැන සුන්දර විස්තරයක් මහාවග්ග පාලි නම් උතුම් විනය ග්‍රන්ථයේ ඇතුළත් වේ. එහිදී ජම්බුදීපය හෙවත් දඹදිව කියා හඳුන්වන්නේ කුමන අර්ථයෙන්දැයි කියා ඉතා පැහැදිලිව මෙසේ සඳහන් වේ.

‘එකල්හි භාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යප ය යන්න. මම පසුව එමි.” කියා උරුවේල කාශ්‍යප ජටිලයා පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් දඹ ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩහුන් සේක. උරුවෙල කාශ්‍යප ඒ ගැන විමසූ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක. “කාශ්‍යප, මම ඔබ මුලින් පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩ උන්නෙමි. කාශ්‍යපය, මේ දඹගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳින් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉතින් කැමති නම් අනුභව කරන්න” යැයි වදාළ සේක.’ (ඉධාහං කස්සප, තං උය්‍යෝජෙත්වා යාය ජම්බුයා ජම්බුදීපෝ පඤ්ඤායති, තතෝ ඵලං ගහෙත්වා පඨමතරං ආගන්ත්වා අග්‍යාගාරේ නිසින්නෝ. ඉදං ඛෝ කස්සප, ජම්බුඵලං වණ්ණසම්පන්නං ගන්ධසම්පන්නං රසසම්පන්නං. සචේ ආකංඛසි පරිභුඤ්ජ)

එමෙන් ම ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය ග්‍රන්ථ රත්නයේ පබ්බජ්ජා නම් සූත්‍රයේදී පාණ්ඩව පර්වත මූලයේ වැඩසිටිය අප මහ බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට තමන් වහන්සේ ව හඳුන්වා දුන්නේ මේ අයුරිනි.

උජුං ජානපදෝ රාජා – හිමවන්තස්ස පස්සතෝ
ධනවිරියේන සම්පන්නෝ – කෝසලේසු නිකේතිනෝ

භවත් මහාරාජයාණෙනි,
හිමගිරි පව්ව ද පෙනෙනා – කොසොල් ජනපදේ තිබෙනා
වීරිය හා ධනයෙන් යුතු – සුන්දර ජනපදයක් වේ

ආදිච්චා නාම ගොත්තේන – සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතෝම්හි රාජ – න කාමේ අභිපත්ථයං

අපි සූරිය වංශයේ වෙමු – ‘ශාක්‍ය’ වෙමු ජාතියෙන් ද
පින්වත් රජතුමනි මෙමා – ඒ කුලයෙන් නික්ම අවුත්
පැවිදි බවට පත් කෙනෙක්මි – කිසිම කාමයක් නොපතන

මේ අනුව කොසොල් ජනපදය හෙවත් කෝසල රාජ්‍යයට අයත් ශාක්‍ය දේශය පිහිටියේ, දඹදිව හිමාල පර්වත මූලයෙහි බව ඉතා පැහැදිලි ය. එමෙන් ම කෝසල, මගධ ආදී ප්‍රධාන රාජ්‍යයන් ඇතුළු සොළොස් මහ ජනපද පිහිටා තිබුණේ ද දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාව ආශ්‍රිතව මිසක ලංකාවේ නොවන බව ද සක්සුදක් සේ පැහැදිලි ය.

ඉන්දියාවේ දඹදිව මධ්‍ය මණ්ඩලය යනු මෙයයි

තව ද බුදුරජාණන් වහන්සේ සිය සම්බුදු දිවිය තුළදී නිබඳව සැරිසැරූ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සීමාවන් පවා, භාග්‍යවතුන් වහන්සේ විසින් ම මෙසේ පෙන්වා දී තිබේ.

“මහබෝමැඩට පෙරදිගින් කජංගල නම් නියම්ගම ය. ඉන් පිටත මහා ශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. පූර්ව දක්ෂිණ දිශාවෙන් හෙවත් ගිණිකොණින් සලලවතී නම් ගංගාව ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝය. ඉන් මොබ මධ්‍ය දේශය යි. දකුණු දිගින් ශ්වේත කර්ණිකා නම් නියම්ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. බස්නාහිරින් ථූණ නම් බමුණු ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසීරධ්වජ නම් පර්වතය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි.”

(පුරත්ථිමාය දිසාය කජංගලං නාම නිගමෝ. තස්සාපරේන මහාසාලා. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පුරත්ථිමදක්ඛිණාය දිසාය සලලවතී නාම නදී. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. දක්ඛිණාය දිසාය සේතකණ්ණිකං නාම නිගමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. පච්ඡිමාය දිසාය ථූණං නාම බ්‍රාහ්මණගාමෝ. තතෝ පරා පච්චන්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ. උත්තරාය දීඝාය උසීරද්ධජෝ නාම පබ්බතෝ. තතෝ පරා පච්චත්තිමා ජනපදා. ඕරතෝ මජ්ඣේ.)

(චම්මක්ඛන්ධකය – මහාවග්ගපාලි – විනය පිටකය)

එමෙන්ම දඹදිව් තල භූමියේ භෞතික හැඩය පවා ඉතා පැහැදිලි ව සූත්‍ර දේශනා තුළ ම සඳහන් වේ. “උතුරින් දික්ව ද දකුණින් ගැල්මුවක් සේ ද පිහිටියේ ය. (උත්තරේන ආයතං දක්ඛිණේන සකටමුඛං)

(මහා ගෝවින්ද සූත්‍රය – දී. නි. 2)

එනමුත් ලංකාදීපයේ පිහිටීම ඊට හාත්පසින් ම වෙනස් ආකාරයෙන් දකුණින් දික්ව ද උතුරින් කුඩාවට ද පිහිටා ඇත. මේ අනුව දඹදිව යනු වර්තමාන ඉන්දියාව මූලික කර ගත් ඒ ආශ්‍රිත භූමි භාගය බව සම්බුද්ධ දේශනා තුළින් ම මනාව පැහැදිලි වේ.

සතරවරම් දෙවිවරුන් ලංකාවේ රජකම් කළ මිනිස් රජවරු ද?

දීඝනිකායේ ජනවසභ සූත්‍ර දේශනාවෙහි පෙර බිම්බිසාර රජව සිට දෙව්ලොව උපන් ජනවසභ නම් සෙන්පති දෙවියන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසයි.

“ස්වාමීනී, ඒ පුන් පොහෝ දිනයෙහි පිරුණු සඳ ඇති රැයෙහි සියලු තව්තිසා වැසිදෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි එක්රැස්ව, එක්ව හුන්නාහු ය. සතරවරම් දෙවි මහරජවරු සිව් දිශාවෙහි හුන්නාහු වෙති. ධ්‍රැතරාෂ්ඨ දෙව් මහරජහු දෙවි පිරිවර පෙරටු කොට බටහිර දෙසට මුහුණලා පෙරදිග දිශාවෙහි හුන්නාහු වෙති. විරූළ්හ දෙවි මහරජහු දෙවි පිරිවර පෙරටු කොට උතුරු දෙසට මුහුණලා දකුණු දිශාවෙහි හුන්නාහු වෙති. විරූපාක්ෂ දෙවි මහරජහු දෙවි පිරිවර පෙරටු කොට පෙරදිග දෙසට මුහුණලා බටහිර දිශාවෙහි හුන්නාහු වෙති. වෙසමුණි දෙවි මහරජහු දෙවි පිරිවර පෙරටු කොට දකුණු දෙසට මුහුණලා උතුරු දිශාවෙහි හුන්නාහු වෙති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, යම් කලෙක මුළු මහත් තව්තිසාවෙහි දෙවි පිරිස ද සුධර්මා දිව්‍ය සභාවෙහි එක්රැස්ව හුන්නා වෙත් ද සතරවරම් දෙවිමහරජවරු ද සිව් දිශාවෙහි හුන්නාහු වෙත් ද මෙය ඔවුන්ගේ අසුන් ගැනීම වෙයි. අපගේ අසුන් ගැනීම වන්නේ ඊට පසුව ය.”

මේ අනුව විරූඪ, විරූපාක්ෂ, ධ්‍රැතරාෂ්ඨ, වෛශ්‍රවණ යනු චාතුර්මහාරාජික දෙව්ලොවට අයත්, දෙදෙව්ලොවට අධිපති සක් දෙවිඳුන්ගේ ප්‍රධාන අමාත්‍ය දෙවිවරුන් බව ඉතා පැහැදිලි ය. සූත්‍ර පිටකය පුරාමත්, විනය පිටකය පුරාමත් ඉතා පැහැදිලිව සඳහන් වන්නේ සතරවරම් රජවරුන් යනු දෙවිවරුන් බවත්, ආකාසයෙන් ගමන් කිරීම ආදී නොයෙකුත් දිව්‍ය ඍද්ධීන්වලින් සමන්විත බවත් ය. අංගුත්තර නිකායේ නන්දමාතු සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ ඒ සඳහා එක් නිදසුනක් පමණි.

“එසමයෙහි වේළුකණ්ඨකියෙහි නන්දමාතා උපාසිකා තොමෝ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අවදිව පාරායන වර්ගය මිහිරි සරින් කියන්නීය. එවේලෙහි වෛශ්‍රවණ මහාරාජයා උතුරු දිසාවේ සිට දකුණු දිසාවට අහසින් යන්නේ නතර වී මිහිරි සරින් පවසන පාරායන ධර්මය ඇසුවේ ය.

එනමුත් ‘බුදුරජාණන් වහන්සේ ලක්දිව උපන්නා’ යන සාවද්‍ය මතය ගෙනහැර දක්වන පිරිස ආටානාටිය සූත්‍රය, මහාසමය සූත්‍රය වැනි දේශනාවන්හි සඳහන් නොවන අසත්‍ය කරුණු ගෙනහැර පාමින්, ඒ දේශනාවන්හි අර්ථ ඉතා සාහසික ලෙස විකෘති කරමින් සතරවරම් දෙවිවරුන් යනු ලංකාවේ රජකම් කළ මිනිස් රජවරුන් සතර දෙනෙකු යැයි කියමින් කරුණු නොදන්නා පිරිස නොමඟ යවති. එමතුද නොව දෙවියන්, ගාන්ධර්වයන්, කුම්භාණ්ඩයන්, නාගයන් යන ඕපපාතික උපත් පවා ප්‍රතික්ෂේප කරමින් (අත්ථි සත්තා ඕපපාතිකා) ලෞකික සම්මා දිට්ඨියෙන් පවා බැහැර වෙමින් බොහෝ අකුසල් රැස්කර ගනිමින් අන් අයව ද අකුසල් තුළ සමාදන් කරවති. එසේ කරනුයේ ‘බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා’ යන සාවද්‍ය මතය සනාථ කිරීම පිණිස වංචනික උපක්‍රමයක් වශයෙනි. එමෙන් ම ඉතිහාසයේ ලක්දිව බෙදී තිබුණේ රුහුණු, පිහිටි, මායා වශයෙන් බව ද එය තුන්හෙළය හෙවත් තුන් සිංහලය වශයෙන් මහාවංශය ආදී පුරාණ වංශකථාවල ද පැරණි සෙල්ලිපිවල ද සඳහන් වන බව කුඩා දරුවන් පවා දන්නා දෙයකි. එනමුත් ආටානාටිය, මහාසමය වැනි සූත්‍ර දේශනාවන්ට විකෘති අර්ථකථන දක්වන යට කී පිරිස හෙළ ඉතිහාසය පවා අත්තනෝමතිකව වැරදි ලෙස විග්‍රහ කරමින් ගාන්ධර්ව හෙළය, කුම්භාණ්ඩ හෙළය, නාග හෙළය, යක්ඛ හෙළය යනුවෙන් කොටස් හතරකට බෙදා දක්වමින් සතරවරම් දෙවිවරුන් රජකම් කළේ එම කොටස් හතරේ බවට නිස්සාර මත ඉදිරිපත් කරති. ඔවුන් පවසන්නේ සැබෑවක් නම් ලක්දිව ප්‍රධාන රජුව සිටියේ සක්දෙවිඳු විය යුතු ය. නමුත් සක්දෙවිඳු යනු චාතුම්මහාරාජික, තාවතිංස යන දෙදෙව්ලොවට අධිපති වූ, සෝතාපන්න ශ්‍රාවකයෙකු වූ, මහත් පින් බලැති දිව්‍යරාජයෙකු බව දෙව් මිනිස් ලෝකයා ම දන්නා කරුණකි. එසේ නම් ‘අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපයයි’ කියමින් පතුරා හරින්නේ කෙතරම් මිථ්‍යා ප්‍රබන්ධයක්දැයි ධර්ම විනය දන්නා සැදැහැති බුද්ධිමත් කෙනෙකුට මනාව වටහාගත හැක.

සෙන්පති දෙවිවරුන් ලක්දිව විසූ මිනිසුන් ද?

එසේ ම සුත්ත නිපාතයේ හේමවත සූත්‍රයේ සඳහන් පරිදි සාතාගිරි – හේමවත යනු පන්සියයක් බැගින් වූ යක්ෂ සේනාවන්ට අධිපති වූ යක්ෂ සෙන්පතියන් දෙදෙනෙකි. හිමාලයේ වසන හෙයින් හේමවත නාමය ද ඉන්දියාවේ සාත නමැති කන්දේ වසන බැවින් සාතාගිරි නාමය ද ලෙස ඔවුනට ලැබී තිබේ. කාශ්‍යප බුදු සසුනේ පැවිදි ශ්‍රාවකයන් වූ ඔවුහු මහත් තෙද බලැති ආකාශචාරී යක්ෂයන් බව ද ඔවුන් දෙදෙනා අහසේ සිට සිදු කළ ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කළ කුරරඝරවාසී කාලි උපාසිකාව සෝවාන් ඵලයට පත් වූ බව ද හේමවත සූත්‍ර දේශනාවේ සහ එහි අට්ඨකථාවේ පැහැදිලිව සඳහන් ය. නමුත් පෙර කී මිථ්‍යා මතය දරන පිරිස පවසන්නේ සාතාගිරි – හේමවත යනු ලංකාවේ වාසය කළ ප්‍රාදේශීය නායකයන් වූ මිනිසුන් බවයි. එමෙන් ම ආටානාටිය සූත්‍ර දේශනාවේ සඳහන් සෙන්පති දෙවිවරුන් තිස් දෙදෙනා ම මිනිසුන් බවටත්, ලංකාවේ සිටි ප්‍රාදේශීය බලවතුන් බවටත් තවත් මිථ්‍යා මතයක් පතුරුවා හරිති. නමුත් සක්දෙවිඳුගේ රියදුරු වූ මාතලී, ජනවසභ දිව්‍යරාජයා ඇතුළු එම සෙන්පති දෙවිවරුන් තිස් දෙදෙනා ම මිනිසුන් නොව දිව්‍ය, යක්ෂ, ගාන්ධර්වාදී ඕපපාතික උපත් ලැබූ බලවත් තෙදැති අමනුෂ්‍යයන් බව සම්බුද්ධ දේශනාවල ඉතා පැහැදිලිව සඳහන් වේ. මේ අනුව බලන කල ‘බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ’ යන මිථ්‍යා මතය තහවුරු කිරීම සඳහා මොනතරම් අශාසනික වූ වැරදි විග්‍රහයන් සිදුකර ඇතිදැයි මැනවින් ඔප්පු වේ. එම නිසා තෙරුවන් සරණ ගිය සැබෑ ගිහි පැවිදි ශ්‍රාවකයන් වශයෙන් අපි එම මිථ්‍යා ප්‍රබන්ධයන්ට මුළා නො වී සම්බුදු පහස ලද සැබෑ පුණ්‍යභූමීන් පිහිටා ඇත්තේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාව ප්‍රමුඛ ආශ්‍රිත භූමියේ බව මැනවින් වටහා ගනිමු. භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින් එම උතුම් බුද්ධභූමි සැදැහැයෙන් වන්දනා කොට මහත්ඵල පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිමු. දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුළ මනා කොට තිසරණය රැකගෙන සේඛ බල දියුණු කර ගනිමු. ඒ පිණිස ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑමට පෙරාතුව සතරමහාපදේශයන්හි වදහළ මෙම සම්බුද්ධ අවවාදයත් සිහිකරමු.

“මහණෙනි, භික්ෂුවක් මෙසේ කියයි. ‘ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නොපිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප නො කළ යුත්තේ ය. සතුටින් නොපිළිගෙන, ප්‍රතික්ෂේප නො කොට ඒ පද ප්‍රකාශනයන් සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහිලා සැසඳිය යුත්තේ ය. ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහි ලා සසඳද්දී සූත්‍රයෙහි නොබැස ගනියි නම්, විනයෙහි නොසැසඳෙයි නම් ඒ පිළිබඳව නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නො වේ. මේ භික්ෂුව වැරදි ලෙස ගන්නා ලද දෙයකි’ යි මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් භික්ෂුවක් ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහිලා බහා බලද්දී, විනයෙහිලා සසඳද්දී, සූත්‍රයෙහි බැසගනියි නම් විනයෙහි සැසඳෙයි නම් එහිලා නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනවින් ගන්නා ලද්දකි.’ යි මහණෙනි, මේ පළමු මහාපදේශය මතකයෙහි රඳවා ගනිව්.”

(මහාපරිනිබ්බාන සූත්‍රය – දී. නි. 2)
Read More

Post Top Ad